Home Local මානව හිමිකම් සභාපතිනිය ලක්ෂ ගණන් පඩි අරන්

මානව හිමිකම් සභාපතිනිය ලක්ෂ ගණන් පඩි අරන්

328
0

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ සභාපති දීපිකා උඩුගම තනතුරට ලැබිය යුතු දීමනාවට වඩා මාසිකව රුපියල් ලක්ෂ 02කට වැඩි මුදලක් වසර 03ක සිට ලබා ගන්නා බව වාර්තා වනවා.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කලා පීඨයේ නීති අධ්‍යයන අංශයේ අංශ ප්‍රධාන ලෙස කටයුතු කරමින් සිටියදී 2015 ඔක්තෝබර් 30 වනදා මානව හිමිකම් කොමිසමේ සභාපති ධුරයට ඇය පත් කර ඇති අතර එම තනතුරට මාසිකව රුපියල් ලක්ෂයක දීමනාවක් ලබාදෙන අතර එම දීමනාව ලබා නොගෙන පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කටයුතු කළ තනතුරට අදාළ රුපියල් ලක්ෂ 03කට ආසන්න මාසික වැටුප වසර 03ක සිට ඇය ලබාගෙන තිබෙනවා.

කෙසේ වෙතත් 2018 නොවැම්බර් 01 වනදා විශ්වවිද්‍යාලය මගින් කොමිසමට දන්වා ඇත්තේ ගෙවූ වැටුප් හා දීමනා සඳහා විශ්වවිද්‍යාලයට සේවයක් නොවූ හෙයින් අදාළ වසර තුනේ ගෙවූ රුපියල් අනූහත් ලක්ෂ පනස් එක්දහස් පන්සිය තිස්පහක මුදල වහාම ගෙවන ලෙසටයි.

සාමාන්‍යයෙන් රජයේ තනතුරක සිට රජයේම වෙනත් තනතුරකට පත්වීමේදී වැටුප් 02ක් ලබාගැනීමට නොහැකි නිසා පෙර සිටි ආයතනයෙන් තාවකාලිකව නිවාඩු ලබාගැනීම සාමාන්‍ය සිරිත වුවත් ඇය කොමිෂන් සභාවේ මාසික දීමනාව අඩු බැවින් එහි දුරකථන දීමනාව හා වාහනය සහ ඒ සඳහා මාසිකව ලැබෙන ඩීසල් ලීටර් 225 ලබාගෙන විශ්වවිද්‍යාලයෙන් ලැබෙන මාසික වැටුප හා දීමනාද වශයෙන් මාසිකව රුපියල් ලක්ෂ දෙකහමාරේ සිට ලක්ෂ තුනහමාර දක්වා වූ වැටුපක් (වර්ෂයෙන් වර්ෂයට වැඩි වී ඇත) ලබාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

අවසානයේ අදාළ ලබාගත් වැටුප් දීමනා පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ගෙවන ලෙසට මානව හිමිකම් කොමිසම දැන්වීමෙන් පසු 2017 ජුනි 13 වැනි දින ඇමැති මණ්ඩලයේ අනුමැතිය යටතේ පාර්ලිමේන්තුවේ යෝජනාවක් අනුව රජයේ ඒකාබද්ධ අරමුදලින් 2019 ජනවාරි දක්වා කාලය තුළ රුපියල් කෝටියකට අදාළව ගෙවූ හා වැටුප් විශ්වවිද්‍යාල ගිණුමට ප්‍රතිපූර්ණය කර ඇති බව වාර්තා වනවා.

මධුභාෂණ හේරත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here