Home Local බලපත්‍ර නොමැතිව මත්පැන් ප්‍රවාහනය කළ අයෙක් අත්අඩංගුවට – PHOTOS

බලපත්‍ර නොමැතිව මත්පැන් ප්‍රවාහනය කළ අයෙක් අත්අඩංගුවට – PHOTOS

235
0

බලපත්‍රයක් නොමැතිව මොටර් රථයකින් මත්පැන් බෝතල් ප්‍රවහනය කරමින් සිටි සැකකරුවෙක් ඊයේ (01) පස්වරුවේ සැකපිට අත්අඩංගුවට ගත් බව ගිනිගත්හේන පොලිසිය පවසනවා.

රජයේ අනුමත කල මත්පැන් බෝතල් 24ක් බලපත්‍රයක් නොමැතිව සැකකරු මොටර් රථයකින් ප්‍රවහනය කරමින් සිටියදි හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගයේ ගිනිගත්හේන, පේරගහමුල ප්‍රදේශයේදි සැකපිට අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පැවසුවේ.

සැකකරුට අයත් මොටර් රථයෙන්ම මෙම මත්පැන් බොතල් තොගය අලෙවි කිරිම සදහා ප්‍රවහනය කරන්නට ඇති බව පොලිසිය සැකකරනවා.

අත්අඩංගුවට ගත් මත්පැන් බෝතල් තොගය, මොටර් රථය සහ සැකකරු අද (02) හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතයි.

රංජිත් රාජපක්ෂ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here