Home Local හිටපු නාවික හමුදාපති අත්අඩංගුවට ?

හිටපු නාවික හමුදාපති අත්අඩංගුවට ?

281
0

තරුණයන් 11 දෙනකු කොළඹදී පැහැර ගැනීම හා ඊට සම්බන්ධිත සියලූ සිද්ධීන් ගැන තොරතුරු හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ දැනුවත්ව සිටි බවට සාක්‍ෂි ඉදිරිපත් වීම නිසා ඔහු සැකකරුවකු ලෙස නම්කොට අත්අඩංගුවට ගැනීමට නීතිපතිවරයා උපදෙස් ලබාදී ඇතැයි අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (01) කොටුව මහෙස්ත‍්‍රාත් අධිකරණයට දැනුම් දී තිබෙනවා.

මේ වනවිට නම් කොට ඇති සැකකරුවන් 15 දෙනාට හා වසන්ත කරන්නාගොඩට අමතරව එම පැහැර ගැනීමට හා කප්පම් ලබාගැනීමට තවත් තිදෙනකු සම්බන්ධ බවට මේ වනවිටත් තොරතුරු ලැබී ඇති බැවින් ඔවුන්ද හැකි ඉක්‌මනින් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බවයි අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ලකෑම් විමර්ශන අංශයේ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂක නිශාන්ත සිල්වා අධිකරණයට දැනුම් දුන්නේ.

වසන්ත කරන්නාගොඩ මේ වනවිට පදිංචි ස්‌ථානවලින් පලාගොස්‌ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගහැර සිටින නමුත් ඔහු ශේ්‍රෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර මූලික අයිතිවාසිකම් පෙත්සම සම්බන්ධයෙන් තීන්දුවක්‌ ලැබුණ විගස ඔහු අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බවයි පොලිස්‌ පරීක්‍ෂකවරයා එහිදී අධිකරණයට කියා සිටියේ.

එම නඩුවේ පළමු වන සැකකරු ලෙස නම්කොට ඇති නිලන්ත සම්පත් මුණසිංහ, 14 වන සැකකාර ඇන්ටනි ප්‍රනාන්දු හා 15 වැනි සැකකාර සම්පත් ජානක කුමාර නමැති තිදෙනා ලබන 15 වනදා දක්‌වා තවදුරටත් රෂිත බන්ධනාගාරගත කිරීමට ද කොටුව වැඩබලන නිල නොලත් මහෙස්‌ත්‍රාත් නීතිඥ දීමනි බැද්දේවෙල නියෝග කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here