Home Local අන්තර්ජාලය හරහා මධූෂ්ගේ වැඩ මෙහෙයවන්න ලංකාවෙන් පරිගණක උපදේශකයෙක්

අන්තර්ජාලය හරහා මධූෂ්ගේ වැඩ මෙහෙයවන්න ලංකාවෙන් පරිගණක උපදේශකයෙක්

306
0

රුපියල් කෝටි 700ක දියමන්ති කොල්ලය, දෙවුන්දර කුඩු කොල්ලය ඇතුළු පාතාල මෙහෙයුම් ඩුබායි සිට ගූගල් තාක්ෂණය මගින් මෙහෙයවීමට මාකඳුරේ මධුෂ් වෙනමම තාක්ෂණික උපදේශකයකු ලංකාවේ තබාගෙන සිටි බව හෙළිවී තිබෙනවා.

බස්නාහිර උතුරු පළාත භාර නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් යටතේ වූ විශේෂ පොලිස් කණ්ඩායමක් කඩුවෙලදී පසුගිය සිකුරාදා අත්අඩංගුවට ගත් මධුෂ්ගේ ප්‍රධාන ගෝලයන් දෙදෙනාගෙන් අයෙකුයි මෙසේ පරිගණක විද්‍යාව පිළිබඳ තාක්ෂණික උපදේශකයකු ලෙස කටයුතු කර ඇති බව හෙළිව ඇත්තේ.

කෝටි 700 දියමන්ති කොල්ලය ඇන්ඩ්‍රොයිඩ් දුරකථන මගින් වෙනමම ඇප් එකක් යොදා මෙහෙයවීමට හැකි තාක්ෂණය මධුෂ්ට ලබාදෙමින් මොවුන් දෙදෙනා කොල්ලයට ගිය කණ්ඩායමෙන් එම දියමන්තිය හා ආයුධ ලබාගෙන ඩුබායිවලට යැවීමට කටයුතු කළ අය බවද හෙළිවී තිබෙනවා.

මධුෂ්ගේ පියාගේ අවමඟුල දා වයිෆයි තාක්ෂණය ඔස්සේ අන්තර්ජාලයෙන් නැරඹීමට කැමරා සහ අනෙකුත් උපාංග සවිකර ඇත්තේ මොහු බව ද හෙළිවී ඇති අතර පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව ඝාතන සැලසුමක් ගූගල් තාක්ෂණය ඔස්සේ කිරීමට මධුෂ් මොහුගේ සහාය ගෙන ඇතැයි හෙළිව තිබෙනවා.

තිස්ස රවීන්ද්‍ර පෙරේරා

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here