Home Local කල්පිටියේ දෙපිරිසක් අතර ගැටුමක් – PHOTOS

කල්පිටියේ දෙපිරිසක් අතර ගැටුමක් – PHOTOS

704

කල්පිටිය – ආලංකුඩාව ප්‍රදේශයේ දෙපිරිසක් අතර හට ගත් නොසන්සුන්කාරී තත්ත්වය මේ වන විට පාලනය කර ඇතැයි නොරචෝලේ පොලීසිය පවසනවා.

දෙපිරිසක් අතර හටගත් නොසන්සුන්කාරී තත්වය නිසා ආපන ශාලාවක් සහ යතුරු පැදි 04ක් ගිනි තබා විනාශ කර ඇති අතර, ඇදුම් මසන ස්ථානයකටද බරපතල හානි සිදුවී තිබෙනවා.

මෙම අවස්ථාවේදී එක් අයෙකු බරපතල ලෙස කැපුම් තුවාල ලබා ඇති අතර ඔහුව කල්පිටිය දිසා රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සදහා පුත්තලම මූලික රෝහලට මාරු කර යවා ඇති බවයි සඳහන් වන්නේ.

කල්පිටිය – ආලංකුඩාව ප්‍රදේශයේ දෙපිරිසක් අතර කාලයක පටන් පවතින ආරවුලක් මෙම ගැටුමට හේතුව වී ඇති බවයි පොලීසිය පවසන්නේ.

ඊයේ (01) සවස 50කින් පමණ සමන්විත කණ්ඩායමක් එක් වරම කඩා වැදී ගිනි තැබීම සහ පහර දීම සිදුකර ඇති අතර මෙම දෙපිරිස අතර පවතින ගැටුම සම්බන්ධයෙන් නොරචෝලේ පොලීසියට අවස්ථා කීපයකදීම පැමිණිළි ලැබී තිබී තිබෙනවා.

නමුත් පොලීසිය නිසි පරිදි ක්‍රියාත්මක නොවීම නිසා තත්ත්වය බරපතල වී ඇති බව සඳහන්.

ඊයේ සවස ගැටුම ආරම්භ වන විටම ඒ බව නොරචෝලේ පොලීසියට දන්වා ඇති නමුත්, ගැටුම අවසන් වන තුරු කිසිදු පොලිස් නිලධාරියෙකු එම ස්ථානයට පැමිණ නැහැ.

පුත්තලම නගර සභාවේ ගිනි නිවන ඒකකය පැමිණ එම ස්ථානයේ හටගෙන තිබූ ගින්න පාලනය කිරීමට කටයුතු කර ඇති අතර නොරචෝලේ පොලීසිය වැඩිදුර විමර්ශණ කටයුතු සිදුකරනු ලබනවා.

ජුඩ් සමන්ත

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here