Home World ගුවන් නියමු අබිනන්දන් උත්සවාකාරයෙන් පිළිගැනීමට ඉන්දියාව සූදානම් – PHOTOS

ගුවන් නියමු අබිනන්දන් උත්සවාකාරයෙන් පිළිගැනීමට ඉන්දියාව සූදානම් – PHOTOS

1188
0

පාකිස්තානය විසින් අල්ලාගන්නා ලද ඉන්දීය ගුවන් නියමු වින්ග් කමාන්ඩර් අබිනන්දන් (Abhinandan Varthaman) අද (01) දිනයේ නිදහස් කිරීමට නියමිතයි.

ඔහු මේ වනවිට ඉන්දීය ජනතාව අතර වීරයෙකු බවට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මේ වන විට ඉන්දියාව පුරාම ඔහු පිළිගැනීමට උත්සව පවා සුදානම් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

පාකිස්තානය විසින් අල්ලාගන්නා ලද වින්ග් කමාන්ඩර් අබිනන්දන් නිදහස් කරන ලෙස ඉල්ලමින් ඉන්දීය වැසියන් වීදි බැස සිටියා.

ඔහු නිරුපද්‍රිතව සිය අත්අඩංගුවේ පසුවන බව දැක්වෙන වීඩියෝ දර්ශන පළ කිරීමට පාකිස්ථානය කටයුතු කළේ ඊට මානුෂීය මුහුණුවරක් එක්කරමිනුයි.

වරණාසි නගරයේදී අදාළ නියමුවාට ආරක්‍ෂිතව නැවත පැමිණීමට හැකිවන ලෙස ඉල්ලා සිටිමින් ජනතාව ඔහු වෙනුවෙන් විශේෂ යාච්ඤා පවත්වනු ලැබුවා.

අමෙරිකාව චීනය ඇතුළු ලෝක බලවතුන් මෙම අවස්ථාවේදී ඉවසීමෙන් කටයුතු කරන ලෙස දෙරටින්ම ඉල්ලා තිබෙනවා.

මේ අතර පාකිස්තානය සිය ගුවන් නියමුවා නිදහස් කිරීමට ගනු ලැබූ තීරණය සම්බන්ධයෙන් සිය රජය සතුටට පත්වන බව ඉන්දීය ආරක්ෂක බලධාරීන් මාධ්‍ය සාකච්ඡාවකදී පවසා තිබෙනවා.

කෙසේ වෙතත් සාමය සඳහා ඉදිරි පියවරක් ලෙස අදාළ නියමුවා නිදහස් කරන බව පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් එරට පාර්ලිමේන්තුව හමුවේදී ඊයේ (28) දින නිවේදනය කර සිටියා.

මෙහිදී ඉන්දියාව පාකිස්තානයේ ත්‍රස්ත ඉලක්ක වෙත එල්ල කළ ප්‍රහාර වලින් සිදු වූ හානිය පිළිබඳව නිශ්චිත තොරතුරු සැපයීමට ඉන්දීය ගුවන් හමුදාවේ එයාර් වයිස් මාර්ෂල් කපූර් සමත්ව නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

කෙසේ වෙතත් සිය ගුවන් ප්‍රහාර වලින් කඳවුරට එල්ල වූ හානිය පිළිබඳ විශ්වසනීය සාක්ෂි පවතින බව ඔහු සඳහන් කර තිබෙනවා.

නවදිල්ලි නුවර ඉන්දීය ආරක්ෂක අමාත්‍යංශයෙන් පිටත ස්ථානයක පැවති මෙම මාධ්‍ය සාකච්ඡාවට නාවික හමුදා රියර් අද්මිරාල් D.S. ගුජ්රාල් හමුදා මේජර් ජෙනරාල් සුරින්ද්‍ර සිං මහල් ඇතුළු පිරිසක්ද එක්ව සිට තිබෙනවා.

මෙහිදී හමුදා මේජර් ජෙනරාල් සුරින්ද්‍ර සිං මහල් ප්‍රකාශ කළේ දෙරට අතර මතභේදයට තුඩු දුන් කාශ්මීර කලාපය බෙදා වෙන්කරන දේශසීමාව ආශ්‍රිතව සටන් විරාම උල්ලංඝනය කිරීම් වැඩි වී ඇති බවයි.

සිය ගුවන් ප්‍රහාරවලින් පසුව පමණක් එවැනි සිදුවීම් 35ක් වාර්තා වී ඇති බව ඔහුගේ ප්‍රකාශවල වැඩිදුරටත් සඳහන්.

පාකිස්තානය විසින් මුහුදුබඩ කලාපය තුළ සිදුකරන එදිරිවාදිකම් වලට ඕනෑම අවස්ථාවක ප්‍රතිචාර දැක්වීමට ඉන්දීය නාවික හමුදාව සූදානම් බව නාවික රියර් අද්මිරාල් D.S.ගුජ්රාල් මෙහිදී ප්‍රකාශ කර සිටියා.

පසුගිය පෙබරවාරි 14 වනදා කාශ්මීරයේ ඉන්දීය පාලන ප්‍රදේශයක් වන පුල්වාමාහි ඉන්දීය ආරක්ෂක භට පිරිසකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල වූ අතර ඉන් 40 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.

මෙම සියල්ල ආරම්භ වන්නේ එයින් පසුව වන අතර ඉන්දියාව සහ පාකිස්තානය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පවත්වා ගැනීමේදී වඩා සංවේදී කාරණයක් බවට පත්ව ඇත්තේද කාශ්මීර අර්බුදයයි.

1947 වර්ෂයේ බ්‍රිතාන්‍ය යටත් විජිත පාලනයෙන් නිදහස ලැබූ පසුව ඉතිහාසයේ තෙවරක් දෙරට අතර යුද්ධ ඇති වී තිබෙනවා.

කෙසේ වෙතත් 2002 වර්ෂයේදී ඉන්දීය පාර්ලිමේන්තුවට එල්ල වූ පකිස්ථාන සටන්කාමී ප්‍රහාරය දෙරට අතර ගැටුමක් දක්වා දුරදිග ගිය නමුත් එය වළක්වා ගැනීමට හැකි වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කර සිටින්නේ.

Pakistani Rangers and Indian Border Security Force personnel fold their respective national flags as they perform during the daily beating of the retreat ceremony on the India-Pakistan Border at Wagah on February 20, 2017.
Image result for Abhinandan Varthaman india
Image result for Abhinandan Varthaman india
Image result for Abhinandan Varthaman india
Image result for Abhinandan Varthaman india

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here