Home Entertainment රජ පවුලට කුමාරයෙක් ? – PHOTOS

රජ පවුලට කුමාරයෙක් ? – PHOTOS

728
0

බ්‍රිතාන්‍ය රජ පවුලේ හැරී කුමරුගේ බිරිඳ මේගන් මාකල් ලබන අප්‍රේල් මස සිය කුළුඳුල් දරු ප්‍රසූතිය සිදුකිරීමට සුදානමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මීට ටික දිනකට පෙර ඇය අමෙරිකාවේ නිව්යොර්ක් නුවරදී ඇගේ හොලිවුඩ් මිතුරු මිතුරියන් කිහිප දෙනෙකු හා එක්ව ඉපදෙන්න ඉන්න දරුවා වෙනුවෙන් පවත්වන Baby Shower තෑගි චාරිත්‍රයද සිදුකර තිබූ අතර ඇගේ හොඳම මිතුරිය බව පැවසෙන Abigail Spencer මෙම සාදය පැවති හෝටලය වෙත ගමන් කරද්දී එළි වූ රහසක් මේ වනවිට විදෙස් මාධ්‍ය තුළ කථාබහක් ඇති කර තිබෙනවා.

ඇය පවසන පරිදි මේගන් මාකල්න්ට ලැබෙන්නට සිටින්නේ පිරිමි දරුවෙක් වන අතර එය ස්කෑන් පරීක්ෂණයෙන් තහවුරු කරගෙන ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් එම කාරණාව රහසක් වශයෙන් තබාගැනීම සාමාන්‍ය සම්ප්‍රදාය වන නිසා මාධ්‍ය වෙත හෙළි කර නැහැ.

නමුත් මේගන් මාකල් සිය මිතුරියන්ට ඒ රහස හෙළි කර ඇති අතර, ඇගේ මිතුරියන් සාදයට ගමන් කරද්දී පිරිමි දරුවෙකුට ගැළපෙන තෑගි නිල් පැහැති කවරවලින් සරසා ගෙනගොස් ලබාදී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.

Image result for meghan markle baby shower
Image result for meghan markle baby shower
Image result for meghan markle baby shower
Image result for abigail spencer meghan markle baby shower

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here