Home World උතුරු කොරියානු නායකයා වෙනුවෙන් විශාල ආරක්‍ෂක පිරිසක්‌ වියට්‌නාමයට

උතුරු කොරියානු නායකයා වෙනුවෙන් විශාල ආරක්‍ෂක පිරිසක්‌ වියට්‌නාමයට

268
0

ආරක්‍ෂක භටයන් විශාල පිරිසකගේ දැඩි රැකවරණ මැද උතුරු කොරියානු නායක කිම් ජොන් අන් වියට්‌නාමයේ පිහිටි උතුරු කොරියානු තානාපති කාර්යාලයට පැමිණ තිබෙනවා.

කළු පැහැති ඇඳුමින් සැරසුණු මෙම ආරක්‍ෂක භටයන් උතුරු කොරියානු නායකයාගේ මෝටර් රියට මිනිස්‌ පලිහක්‌ ලෙස වට වී රැකවරණය ලබා දී තිබෙනවා.

මේ අතර අමරිකානු – උතුරු කොරියානු සාකච්ඡා සඳහා අමරිකානු ජනාධිපති ට්‍රම්ප් වියට්‌නාමයේ හැනොයි නුවරට පැමිණි අවස්‌ථාවේ වියට්‌නාම් රජය ඔහු වෙනුවෙන් ආචාර පෙළපාලියක්‌ පවත්වා තිබෙනවා.

ජනාධිපති ට්‍රම්ප් සහ උතුරු කොරියානු නායකයා අතර සාකච්ඡා විසඳුමකින් තොරව ඊයේ (28) දින අවසන් වුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here