Home Local කිලිනොච්චිය බස් රථ අනතුරකින් 08 දෙනෙකු රෝහලට – PHOTOS

කිලිනොච්චිය බස් රථ අනතුරකින් 08 දෙනෙකු රෝහලට – PHOTOS

363
0

යාපනය සිට කොළඹ බලා ධාවනය වු සුඛෝපභෝගී බස් රථයක් ඊයේ (28) රාත්‍රියේ පරන්තන් ප්‍රදේශයේදී ටිපර් රථයක හා ගසක ගැටීමෙන් සිදුවු අනතුරකින් පුද්ගලයින් 08 දෙනෙකු තුවාල ලබා ඇති බව කිලිනොච්චිය පොලිසිය පවසනවා.

පොලිසිය පැවසුවේ යාපනය සිට කොළඹ බලා ධාවනය වු බස් රථයක් හා මුලතිව් සිට යාපනය දෙසට ගමන් ගත් ටිපර් රථයක් පරන්තන් මංසන්ධියේදී ගැටී ඇති අතර, එහිදි බස් රථ රියදුරු අනතුර වළක්වා ගැනීමට උත්සහ කිරීමේදී බස් රථය මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටීමෙන් අනතුර සිදුව ඇති බවයි.

අනතුරින් බස් රථයේ ගමන්ගත් පුද්ගලයින් 08දෙනෙකු තුවාල ලබා ඇති අතර, තුවාලකරුවන් කිලිනොච්චිය රෝහලට ඇතුළත් කොට තිබෙනවා.

තුවාලකරුවන්ගේ තත්වය තරමක් බරපතල වන අතර, අනතුරින් බස්රථ රියදුරුද තුවාල ලබා ඇති බවයි පොලිසිය සදහන් කළේ.

සිද්ධිය සම්බන්ධයෙන් කිලිනොච්චිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ ‍මෙහෙයවනු ලබනවා.

මාධව කුලසූරිය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here