Home World විවාහ වන පිරිසේ අඩුවක් – දික්කසාද සංඛ්‍යාව සීඝ්‍රයෙන් ඉහළට

විවාහ වන පිරිසේ අඩුවක් – දික්කසාද සංඛ්‍යාව සීඝ්‍රයෙන් ඉහළට

891
0

ඕමානයේ විවාහ වීමේ සංඛ්‍යාව 2013 – 2017 අතර කාලය තුල 22%කින් පහත වැටී ඇති බව එරට මාධ්‍ය වාර්තා කරනවා.

දික්කාසාද වීම් 09%කින් ඉහළ ගොස් ඇති බවයි ඕමාන් සංඛ්‍යාලේඛන දෙපාර්තුමේන්තුව නිකුත් කළ නිවේදනයක සඳහන් වන්නේ.

විවාහ ජීවිතය ගත කරන ආකාරය සහ එකිනෙකා අතර අවබෝධය ඇති කරගන්නා ආකාරය පිළිබඳව තරුණ තරුණියක් දැනුවත් කිරීම සඳහා විශාල වැඩසටහන් සංඛ්‍යාවක් සංවිධානය කිරීමට ඕමාන රජය 2014 වර්ෂයේ සිට පියවර ගෙන තිබෙනවා.

එම දැනුවත් කිරීමේ වැඩසටහන්වලට 20,000කට අධික තරුණ තරුණියන් සංඛ්‍යාවක් සහභාගි වී ඇතැයි ද සඳහන්.

2013 වර්ෂයේදි 28,515ක් විවාහ වී ඇති අතර 2017 වර්ෂය වනවිට 22,284 දක්වා පහත වැටී ඇතැයි වාර්තා වනවා.

දික්කසාදවීම් 2013ක් 2013 වර්ෂයේදි වාර්තා වී ඇති අතර 2017වර්ෂයේදි එය 3867 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here