Home Uncategorized හම්සා ගැන ඔත්තුවකට අමරිකානු ඩොලර් බිලියනයක්

හම්සා ගැන ඔත්තුවකට අමරිකානු ඩොලර් බිලියනයක්

564
0

ඉස්ලාමීය සටන්කාමී කණ්ඩායමේ නායකයෙකු ලෙස ප්‍රකාශයට පත්කර ඇති හම්සා බින් ලාඩන් (Hamza Bin Laden) ඇෆ්ගන් – පාකිස්ථාන දේශසීමාව ආසන්නයේ සිටිනු ඇතැයි එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව සැක පළ කරනවා.

ඒ අනුව ඔහු සම්බන්ධයෙන් තොරතුරු ලබා දෙන අයෙකුට අමරිකානු ඩොලර් බිලියනයක මුදලක් ලබා දෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

2017 වසරේදී ඔහු ජාත්‍යන්තර ත්‍රස්තවාදියෙකු ලෙස නම් කරනු ලැබුවා.

හම්සා අල්කයිඩා සංවිධානයේ ප්‍රමුඛ නායකයා ලෙස හම්සා කටයුතු කරන බවයි එක්සත් ජනපදය තොරතුරු වාර්තා කරන්නේ.

ඔසාමා බින් ලාඩන්ගේ පුතෙකු ලෙස සැළකෙන හම්සා බින් ලාඩන්, තම පියා ඝාතනය කිරීම සම්බන්ධයෙන් එක්සත් ජනපදය පළිගනු ඇතැයි ඔවුන් සැක පළ කර සිටින්නේ.

2011 මැයි මාසයේ දී අල්කයිඩා නායක ඔසාමා බින් ලාඩන් වෙඩි තබා ඝාතනය කළ බව එක්සත් ජනපදය විසින් නිවේදනය කරනු ලැබුවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here