Home Local සම්බාහන මධ්‍යස්ථානයකට ප්‍රහාරයක්

සම්බාහන මධ්‍යස්ථානයකට ප්‍රහාරයක්

248
0

උප්පුවේලි පොලිස් වසමට අයත් ඇලස්වත්ත ප්‍රදේශයේ සම්බාහන මධ්‍යස්ථානයකට අද (28) අළුයම පහරදි ජනේල විදුරු කඩාදමා ඇතැයි පොලිසිය පවසනවා.

මෙම පහර දීමට 04 දෙනෙකු පැමිණ ඇති අතර දෙදෙනෙකු විසින් පහරදිම සිදුකර ඇති බවත් ඉන්එක් අයෙකු මුහුණ ආවරණය කරගෙන සිට ඇතැයිද CCTV කැමරාවල සටහන් වි තිබෙනවා.

පහරදිම සිදුවන අවස්ථාවේ සම්බාහන මධ්‍යස්ථානය වසාදමා එහි කළමණාකරු සහ තවත් අයෙකු නිදාසිටියදි මෙම පහරදිම සිදුකරද්දි කළමණාකාරු 119 පොලිස් හදිසි ඇමතුම් අංශයට දැනුම් දි තිබෙනවා.

උප්පුවේලි පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක බි.ඒ.පි.ආර්.ප්‍රේමලාල්ගේ උපදෙස් මත දුෂණ මර්ධන හා අපරාධ අංශයේ වැඩ බලන ස්ථානාධිපති උප පොලිස් පරික්ෂක එච්.එම්.එස්. ආර්.කේ.හේරත් ඇතුලු කණ්ඩායමක් පැමිණ පරික්ෂණ අරඹනු ලැබුවා.

අමදෝරු අමරජිව

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here