Home Hit රත්තරං ඇප මත මුදාහරියි

රත්තරං ඇප මත මුදාහරියි

503
0

16 හැවිරිදි දැරියක අපයෝජනය කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් දකුණු පළාත් සභා මන්ත්‍රී ක්‍රිෂාන්ත පුෂ්පකුමාර (රත්තරං) ඇප මත මුදා හැරිමට ගාල්ල ප්‍රධාන මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මීට සුළු මොහොතකට පෙර නියෝග කර තිබෙනවා.

ඔහු මුදලින් රුපියල් 25,000ක් ද, ලක්ෂ 05 බැගින් වු ශරීර ඇප 02ක් මත මුදා හැරීමටයි මහෙස්ත්‍රාත්වරයා නියම කර ඇත්තේ.

එමෙන්ම පැමිණිලි පාර්ශවයට කිසිඳු බලපෑමක් කිරීමට ද නොහැකි බවයි මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත්තේ.

අක්මීමන බටදූව දේවාලයකදී සැකකාර මන්ත්‍රීවරයා මෙම 16 හැවිරිදි දැරිය අපයෝජනයට ලක්කළ බව ඔහුට එරෙහිව චෝදනා ගොනු කර තිබෙනවා.

ෆර්හාන් නිසම්දින්

සබැඳි පුවත් – පාසල් දැරියක් අපයෝජනය කළ රත්තරන් අල්ලයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here