Home Local පළමු රාජ්‍ය දුම් පර්යේෂණ මධ්‍යස්ථානය කුරුණෑගලට

පළමු රාජ්‍ය දුම් පර්යේෂණ මධ්‍යස්ථානය කුරුණෑගලට

291
0

පෞද්ගලික අංශයෙන් පරිබාහිරව දිවයිනේ ප්‍රථම වතාවට රාජ්‍ය අංශය විසින් ඉදිකරන ලද ප්‍රථම වාහන දුම් පරීක්ෂණ මධ්‍යස්ථානය ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් වයඹ පළාතේ කුරුණෑගල උතුර ඩිෆෝවේ ස්ථාපිත කරනු ලැබුවා.

ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මෙම දුම් පරීක්ෂණ මධ්‍යස්ථානය විවෘත කළ අතර එය ඉදිරියේදී දිවයින පුරා ව්‍යාප්ත කරන බවයි ඔහු සඳහන් කළේ.

මෙම මධ්‍යස්ථානය මගින් වයඹ පළාත් ලංගම බස් රථ 600ක පමණ වාහන දුම් පරීක්ෂාව සිදුකිරීමට නියමිතයි.

මේ හරහා රජයෙන් පෞද්ගලික අංශයට ඇඳී ගිය විශාල මුදලක් ඉතිරි කර ගැනීමටද අවස්ථාව හිමිවන බව ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියා.

ගිතාංජලී ප්‍රියදර්ශනී

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here