Home Local ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයෙකුගෙන් පොලිස් පරීක්ෂකවරයෙකුට ප්‍රහාරයක් – PHOTOS

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයෙකුගෙන් පොලිස් පරීක්ෂකවරයෙකුට ප්‍රහාරයක් – PHOTOS

342
0

නුවරඑලිය පිහිටි උසස් පොලිස් නිලධාරින්ගේ නිවාඩු නිකේතනය භාරව කටයුතු කරන පොලිස් පරික්ෂකවරයෙකුට පොලිස් සුබ සාධාන අංශයේ අධ්‍යක්ෂකවරයා වශයෙන් කටයුතු කරන ජෙෂ්ඨ පොලිස් අධිකාරිවරයෙකු විසින් පහර දී ඇතැයි වාර්තා වනවා.

එම පොලිස් පරික්ෂකවරයා අද (28) නුවරඑලිය මුලික රෝහල වෙත ඇතුලත් වි නේවාසිකව ප්‍රතිකාර ලබන බවයි නිව්ස්හබ් වාර්තාකරු සඳහන් කර සිටියේ.

පොලිස් දෙපාර්තුමේන්තුවේ ගොඩනැගිලි කෙට්ඨාශයට සේවය කරන පොලිස් පරික්ෂක දයානන්ද අලහපෙරුම (59) නම් අයෙකුයි මෙසේ රෝහල ගත වි සිටින්නේ.

ඔහු නුවරඑලියේ පිහිටි උසස් පොලිස් නිලධාරින්ගේ නිවාඩු නිකේතනය භාරව කටයුතු කරනු ලබනවා.

පොලිස් සුභ සාධන අංශයේ අධ්‍යක්ෂකවරයා වශයෙන් කටයුතු කරන ජෙෂ්ඨ පොලිස් අධිකාරි දමයන්ත විජය ශ්‍රි ඉකුත් 25 වනදා ඔහුගේ පවුලේ සමාජිකයන් සමග නිවාඩු නිකේතනයට පැමිණි බවත්, ඊයේ (27) පස්වරුවේ පොලිස් අධිකාරිවරයා තමන්ට ඌරු මස් කිලෝවක් ගෙනවිත් දි එම ඌරු මස්වලින් ග්රුම් 500 ක් රාත්‍රි ආහාරය සදහා පිලියෙල කර දෙන ලෙස ඉල්ලිමක් කල බවත් පොලිස් පරික්ෂක දයානන්ද අලහපෙරුම කියා සිටිනවා.

ජෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ ඉල්ලිම මත නිවාඩු නිකේතනයේ මුළුතැන්ගේ සේවය කරන පොලිස් නිලධාරින් ලවා එය පිලියෙල කර රාත්‍රි ආහාරය සදහා මේසයේ තැබු බවත්, මද වේලාවකින් පසු ජෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා මුළුතැන්ගෙයට පැමිණ පිලියෙල කල ඌරු මස් ප්‍රමාණය අඩු බවත්, පිලියෙල කරන ලද ඌරු මස් මුළුතැන්ගේ සේවය කරන පොලිස් නිලධාරින් ආහාරයට ගෙන ඇති බවත් චෝදනා කරමින් තමන්ට පහර දුන් බවයි පොලිස් පරික්ෂක දයානන්ද කියා සිටින්නේ.

උසස් පොලිස් නිලධාරින් තමන්ට පවරන ඕනැම රාජකාරියක් නිසිලෙස ඉටු කරන බවත්, එම නිලධාරින් නිවාඩු නිකේතනයට රැගෙන එන ආහාර පාන කිසිවක් තමන් හෝ තමන් භාරයේ කටයුතු කරන නිලධාරින් ආහාරය සදහා ලබානොගන්නා බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියා.

මෙම පහර දිම සම්බන්ධයෙන් තමන් භාරව සිටින නියෝජ්‍යය පොලිස්පතිවරයාට පැමිණිලි කල බවත්, මෙම පහරදිම සම්බන්ධයෙන් සාධාරණ පරීක්ෂණයක් පවත්වන ලෙසයි දයානන්ද අලහපෙරුම ඉල්ලා සිටින්නේ.

රංජිත් රාජපක්ෂ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here