Home Local ගෘහ සේවිකාවන් පිරිසක් දිවයිනට

ගෘහ සේවිකාවන් පිරිසක් දිවයිනට

402
0

කුවේට් රාජ්‍යයේ ගෘහ සේවය සදහා ගොස් එහිදී විවිධ ප්‍රශ්න සහ කරදර වලට භාජනය වූ ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් 52ක් අද (28) උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත එවා තිබෙනවා.

මෙම පිරිස අද උදෑසන 6.35ට කුවේට් සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ UL – 230 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියා.

මොවුන් අතරින් 06 දෙනෙකු වසර 02ක සේවා කාලය පසු කර තිබුණ ද ඉතිරි සියලු දෙනා වසරකටත් වඩා අඩු කාලයක් එරටේ ගෘහ සේවයේ යෙදී සිටි අය බවයි වාර්තා වන්නේ.

සියලු දෙනාම උතුරු සහ නැගෙනහිර ප්‍රදේශ වල පදිංචි කාන්තාවන් වූ අතර ඔවුන්ට තම සේවාදායකයන් විසින් වැටුප් නොගෙවීම, පහර දීම, විවිධ හිරිහැර සහ කරදර වලට පත් කිරීම නිසා එම නිවාස වලින් පලාවිත් කුවේට් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට අනුබද්ධිත රැදවුම් මධ්‍යස්ථානයේ රදවා තබා සිටි අය වනවා.

එමෙන්ම මෙම පිරිස අතරින් 08 දෙනෙකු හැර ඉතිරි 44 දෙනාම එරට නිකුත් කළ තාවකාලික ගුවන් ගමන් බලපත්‍ර උපයෝගී කර ගනිමින් මෙරටට එවා තිබූ අතර මෙම පිරිස අතර සිටි 35දෙනෙකු මෙරටට පැමිණීම සදහා ඔවුන්ගේ වියදමින් ගුවන් ප්‍රවේශ පත්‍ර මිලදී ගෙන තිබෙනවා.

මෙම පිරිසට තම ගම් ප්‍රදේශ කරා යෑම සදහා ප්‍රවාහන දීමනාවක් ලබා දී ඔවුන්ව කටුනායක, ඇවරිවත්ත සහ මීගමුව බස් නැවතුම් පොළ වෙත යොමු කිරීමට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පියවර ගෙන තිබෙනවා.

ටී.කේ.ජී.කපිල 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here