Home Local ”ඛේමාගේ කොලුවා” එළිදකියි – VIDEO

”ඛේමාගේ කොලුවා” එළිදකියි – VIDEO

435
0

මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සහ මුදල් අමාත්‍ය මංගල සමරවීරගේ පාර්ලිමේන්තු දිවියට වසර 30ක් සපිරීම වෙනුවෙන් පවත්වනු ලබන උත්සවය අද (28) දින බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී මීට සුළු මොහොතකට පෙර ආරම්භ වුණා.

එහිදී අමාත්‍යවරයාගේ දේශපාලන දිවිය සම්බන්ධ තතු ඇතුළත් ”ඛේමාගේ කොලුවා” නම් ග්‍රන්ථය ද එළිදක්වනු ලැබුවා.

එම අවස්ථාවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ ද සහභාගී වී තිබෙනවා.

මෙම උත්සවයේ ප්‍රධාන දේශනය සිදුකරනු ලබන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු එක්සත් ජනපද තානාපතිනී සැමන්තා පවර් විසිනුයි.

එමෙන්ම මෙම අවස්ථාවට හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග, විපක්ෂනායක මහින්ද රාජපක්ෂ, පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් සිරිපාල ද සිල්වා ඇතුළු පිරිසක් ද සහභාගී වී සිටියා.

එහිදී පැමිණෙන ආරාධිතයන් සඳහා සමරු ඡායාරූපයක් ගැනීමටද විධි විධාන යොදා තිබෙනවා.

එම අවස්ථාවේ සජීවී දර්ශන පහතින්.

Posted by Mangala Samaraweera on Thursday, February 28, 2019

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here