අද දින ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් සහ උතුරු කොරියානු නායක කිම් ජොංග්-උන් අතර හමුවෙහි දෙවන දිනය යි.
ඊයේ දින රාත්රියේ ඔවුන් ඉතා සුහද ලීලාවෙන් සිය හමුව නිමා කළ නමුත් අද දින තත්ත්වය උණුසුම් වී තිබෙන බවයි වාර්තා වන්නේ. මේ අනුව දෙදෙනා අතර පැවැත්වීමට තිබූ දිවා භෝජනය ද අවලංගු ව ඇති බවත්, ඒකාබද්ධ එකඟතාවය අත්සන් කිරීම ද අවිනිශ්චිත බවත් වාර්තා වනවා.මේකට හේතුව ලෙසනම් පැවසෙන්නේ දෙපාර්ශවයේ යෝජනා වලට එකග වීමේ ගැටළුවක් ඇති වීම යි