ඉන්දියාවට අයත් මිග් 21 ගුවන් යානයක් පාකිස්තාන ප්රහාරයන් හමුවේ අද කඬා වැටුනා. එහිදී ඉන්දීය ගුවන් හමුදාවේ වින්ග් කමාන්ඩර් අභිනන්දන් පාකිස්තානයේ අත්අඩංගුවට පත්වූ අතර මේ වනවිට ඔහු පාකිස්තාන හමුදා කඳවුරක රදවා තිබෙනවා.
වින්ග් කමාන්ඩර් අභිනන්දන් සහ එම හමුදා කඳවුරේ මේජර්වරයෙකු අතර ඇතිවන සුහඳ සංවාදයක දර්ශණ පාකිස්තානය විසින් අන්තර්ජාලය වෙත මුදාහැර තිබේ.
එහිදී පාකිස්තාන හමුදා නිලධාරියා විසින් ඉන්දීය ගුවන් නියමුවාගෙන් ඔහු කල මෙහෙයුම සම්බන්ධයෙන් තොරතුරු විමසුවද, ඒ පිළිබඳව තොරතුරු ලබාදීම ගුවන් නියමුවා විසින් ප්‍රතික්ෂේප කරනවා.
මේ වනවිට ඉන්දියාව සහ පාකිස්ථානය අතර රාජ්‍යතාන්ත්‍රික වශයෙන් දැඩි අර්බුදයක් හරගෙන තිබේ.
සිය අත් අඩංගුවට පත්ව සිටින ඉන්දීය ගුවන් නියමුවාට සාමාන්‍ය හමුදා ආචාර ධර්මයන්ට අනුව සළකන බව පාකිස්තානු හමුදා මාධ්‍ය ප්‍රකාශක මේජර් ජනරාල් අසීෆ් ගෆූර් ටුවිටර් පණිවිඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත.