Home Local රා පානය කළ පුද්ගලයෙක් මරුට – තැබෑරුමට මුද්‍රා තබයි

රා පානය කළ පුද්ගලයෙක් මරුට – තැබෑරුමට මුද්‍රා තබයි

748
0

තලවකැලේ, පුඩළුඔය නගරයේ පවත්වාගෙන යන රා තැබැරුමකින් රා පානය කලේ යැයි කියන වතු කම්කරුවෙකු මියගොස් ඇති අතර තවත් ප්‍රදේශාවාසින් තිදෙනෙක් කොත්මලේ ප්‍රාදේශිය රෝහල වෙත ඇතුලත් කර ඇති බව පුඩළුඔය පොලිසිය පවසනවා.

මෙසේ මියගොස් ඇත්තේ පුඩළුඔය පොලිස් වසමට අයත් හැරොල්ඩ් වත්තේ ඉහල කොටසේ පදිංචි පි.සෙන්දිල්නාදන් නැමති 37 හැවිරිදි අවිවාහක පිරිමි අයෙකි.

කොත්මලේ ප්‍රාදේශිය ලේකම් කාර්යයාලය මගින් වාර්ෂික ටෙන්ඩර් පදනමක් මත පුඩළුඔය නගරයේ පිහිටි රා තැබැරුම පවත්වාගෙන යාමට අවසර ලබාදෙන අතර 2019 වසර වෙනුවෙන් පුඩළුඔය නගරයේ ව්‍යාපාරිකයෙකු විසින් රු.ලක්ෂ 500 ආසන්න මුදලකට මෙවර ටෙන්ඩරය ලබාගෙන රා තැබැරුම පවත්වාගෙන යනු ලබනවා.

එම රා තැබැරුම තුල මේ රට නිෂ්පාදිත කෘතිම රා අලෙවි කරන බවයි පුඩළුඔය පොලිසිය පවසන්නේ.

ඊයේ (26) පස්වරුවේ එම රා තැබැරුමෙන් රා පානය කල පිරිසකට ක්ලාන්තය, වමනය, පාචනය වැනි රෝග ලක්ෂණ මතු වි ඇති අතර එම රෝග ලක්ෂණ මතු වු අයගෙන් තිදෙනෙක් කොත්මලේ ප්‍රාදේශිය රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බවයි වාර්තා වන්නේ.

මියගිය පුද්ගලයා ඊයේ පස්වරුවේ අධික ලෙස රා පානය කර නිවසට පැමින වමනයකල බවත්, පසුව ඔහු නිවස තුලම මිය ගිය බවත් ඔහුගේ ඥාතින් පවසනවා.

මෙම සිද්ධියෙන් පසු නුවරඑලිය සුරාබදු කාර්යයාලයේ නිලධාරින් විසින් පුඩළුඔය නගරයේ පිහිටි රා තැබරුම වෙත ගොස් එහි රා බෝතල් කිහිපයක් රජයේ රස පරික්ෂක වෙත යවා වාර්තාවක් ලබාගැනිම සදහා ඔවුන් භාරයට ගෙන එම පරික්ෂණ කටයුතු අවසන් වන තෙක් එම රා තැබෑරුම මුද්‍රතබා තාවකාලිකව වසා දැමිමට පියවර ගෙන තිබෙනවා.

කොත්මලේ ප්‍රාදේශිය සභාවේ උප සභාපති මහින්ද සේනවිර ඇතුළු ප්‍රදේශවාසින් පවසන්නේ ඉතා අධික මිලකට ටෙන්ඩරයක් මගින් මෙම රා තැබැරුම ලබාගත් ව්‍යපාරිකයා විසින් ප්‍රමිතියෙන් තොර රා අලෙවි කරන බවයි.

පුඩළුඔය නගරයේ පිහිටි මෙම රා තැබැරුම නිසා ප්‍රදේශයේ වතු කම්කරුවන් ඇතුළු ප්‍රදේශවාසින් විශාල පිරිසක් රා බිමට ඇබ්බැහි වි සිටින අතර එම රා බොන පිරිසගේ පවුල්වල සමාජිකයන්හට ආර්ථික වශයෙන් ගැටළු රැසක් මතු වි ඇති බවත් සඳහන්.

පුඩළුඔය නගරයේ පිහිටි එම රා තැබැරුම වසා දැමිමට පියවර ගන්නා ලෙස අදාල බලධාරින්ගෙන් ප්‍රදේශවාසින් ඉල්ලා සිටිනවා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පුඩළුඔය පොලිසිය සහ නුවරඑලිය සුරාබදු කාර්යයාලයේ නිලධාරින් වෙන් වෙන් වශයෙන් පරික්ෂන ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.

රංජිත් රාජපක්ෂ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here