Home Hit රත්ගම පැහරගැනීමේ සිද්ධියට සම්බන්ධ පොලිස් නිලධාරින් දෙදෙනා යළි රිමාන්ඩ්

රත්ගම පැහරගැනීමේ සිද්ධියට සම්බන්ධ පොලිස් නිලධාරින් දෙදෙනා යළි රිමාන්ඩ්

209
0

රත්ගම ව්‍යාපාරිකයන් දෙදෙනකු පැහැරගෙන ගොස් මරා දැමීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් පොලිස් පරීක්ෂකවරයා සහ උප පොලිස් පරීක්ෂකවරයා මාර්තු 13 වනදා තෙක් යළි රිමාන්ඩ් කරන ලෙස ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂන කැකුණවල නියෝග කළා.

නඩුව කැඳවූ අවස්ථාවේ පළමු සැකකාර පොලිස් පරීක්ෂකවරයා පමණක් විත්තිකූඩුවට නංවා තිබුණු අතර දෙවැනි සැකකාර උප පොලිස් පරීක්ෂකවරයා හඳුනා ගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීමට අවශ්‍ය බව රහස් පොලිසිය දැනුම් දුන්නා.

අගතියට පත් පාර්ශ්ව වෙනුවෙන් නීතීඥවරුන් කරුණු දක්වමින් පොලිසියේ දෙදෙනාගේම ඡායාරූප මාධ්‍යවල පළවී ඇති බැවින් හඳුනාගැනීමේ පෙරට්ටුවක් අවශ්‍ය නැතැයි සඳහන් කර සිටියා.

කෙසේ වෙතත් හඳුනාගැනීමේ පෙරට්ටුවක් පැවැත්වීමට පැමිණිල්ල පැය භාගයකට කල් තැබුණා.

හඳුනා ගැනීමේ පෙරට්ටුවේ දී උප පොලිස් පරීක්ෂකවරයා හඳුනා ගැනීමට සාක්කිකරුවන් අපහොසත් වූ බවයි නිව්ස්හබ් වාර්තාකරු සඳහන් කර සිටියේ.

ෆර්හාන් නිසාම්දින්

සබැඳි පුවත් – අතුරුදන් ව්‍යාපාරිකයන් දෙදෙනාගේ තවත් අස්ථි කොටස් සොයාගනියි – PHOTOS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here