Home Local රජයේ විධායක නිලධාරීන් දීප ව්‍යාප්ත වැඩවර්ජනයක

රජයේ විධායක නිලධාරීන් දීප ව්‍යාප්ත වැඩවර්ජනයක

344

රජයේ විධායක නිලධාරී ඒකාබද්ධ කමිටුව අද (27) දින දීප ව්‍යාප්ත එක්දින වැඩ වර්ජනයක නිරත වනවා.

ඒ, වැටුප් විෂමතාවන් ඉවත් නොකිරීමට විරෝධය පළ කරමින්.

රජයේ විධායක නිලධාරී ඒකාබද්ධ කමිටුවේ ලේකම් එච්.ඒ.එල්. උදයසිරි සඳහන් කළේ, වෘත්තීය සමිති 15ක සාමාජිකයින් 15000කට අධික පිරිසක් එම වැඩ වර්ජනය සඳහා එක්වන බවයි.

ඒ පිළිබඳව ඊයේ අග්‍රාමාත්‍යවරයා සමග පැවති සාකච්ඡාව අසාර්ථක වූ බව ද ඔහු සඳහන් කර සිටියා.

අදාළ ගැටලුව සම්බන්ධයෙන් අවසන් විසඳුමකට මෙතෙක් පැමිණ නොමැති බවයි වාර්තා වන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here