Home Local ප්‍රථම වරට ලංකාවට නොබෙල් ත්‍යාගයක් ?

ප්‍රථම වරට ලංකාවට නොබෙල් ත්‍යාගයක් ?

1277
0

ලෝකයේ බොහෝ දෙනකුගේ අවධානයට පාත‍්‍ර වන නොබෙල් ත්‍යාගය සඳහා ශී‍්‍ර ලාංකිකයකු නිර්දේශ වී තිබෙනවා.

මෙරට පමණක් නොව ජාත්‍යන්තරයෙත් අවධානය දිනාගත් මෙරට වෛද්‍යවරයකු නොබෙල් ත්‍යාගයට නිර්දේශ වීම ශී‍්‍ර ලාංකික අප රටක් විදිහට ලබන විශාල කීර්තියක්.

ඔස්ටියෝපති හා හීලින්පති වෛද්‍ය ක‍්‍රමය ලොවට හඳුන්වා දෙමින් ශල්‍යකර්ම හා ඖෂධ භාවිතයෙන් තොර බොහෝ රෝගීන් සුවපත් කළ හැකි බව ඔහු ලොවට පළමු වරට හඳුන්වා දී තිබෙනවා.

ඒ අන් කවරකු නොව මහාචාර්ය සාගර කරුණාතිලකයි.

කොඳුඇට පෙළ ආශි‍්‍රත රෝග සඳහා හීලින්පති හා ඔස්ටියෝපති වෛද්‍ය ක‍්‍රමයෙන් ප‍්‍රතිකාර කළ ඔහු මේ වන විට මෙරට මෙන්ම ජාත්‍යන්තරයේද දහස් සංඛ්‍යාත රෝගීන් සුව කර ඇති බව සඳහන්.

වසර ගණනාවක් එංගලන්තය තුළ විවිධ පර්යේෂණ කරමින් සිය සොයාගැනීම් සිදුකළ මහාචාර්ය සාගර කරුණාතිලක ප‍්‍රංශය, ජර්මනිය, නෝර්වේ, ස්වීඩනය, ගී‍්‍රසිය, ඉතාලිය, ඔස්ටේ‍්‍රලියාව, කැනඩාව, අමරිකාව ඇතුළු යුරෝපීය රටවලට සිය වෛද්‍ය ක‍්‍රමය ප‍්‍රචලිත කළ අතර දහස් සංඛ්‍යාත රෝගීන් සුව කර තිබෙනවා.

මෙරට ශ්‍රී ලාංකිකයකු නොබෙල් ත්‍යාගය සඳහා නිර්දේශ වනුයේ ප‍්‍රථම වතාවට වීම රටක් විදිහට අප ලබන ගෞරවයක් වන අතර ඒ ගැන මහාචාර්යවරයා මෙසේ අදහස් පළකළා.

”ඇත්තටම නොබෙල් ත්‍යාගය සඳහා නිර්දේශ වීමම රටක් විදිහට ලොකු අභිමානයක් මට දැනෙනවා. එයින් එක දෙයක් පැහැදිලියි. මම ලෝකෙට මිනිසුන්ට සේවයක් කරලා තියෙනවා. අදටත් මම නිහඬව මේ සේවය කරන්නේ මෙවැනි දේවල් බලාපොරොත්තුවෙන් නම් නෙමෙයි. මේ වෛද්‍ය ක‍්‍රමය වෙනුවෙන් මගේ ජීවිත කාලය තුළ මම විශාල කැප කිරීම් කළා. ඒ කැප කිරීම් වලින් අද දහස් සංඛ්‍යාත රෝගීන් නිරෝගීව ඉන්නවා. ඒ ලබන සතුටම මට ඇති. මේ මොහොතේ නොබෙල් ත්‍යාගය සඳහා මා නිර්දේශ වී ඇති බව දැනගත්තහම ඒ ගැන මට දැනුණේ ලොකු අභිමානයක්, ගෞරවයක්. මා උපන් මේ පොළවට ඒ ගෞරවය ලැබෙන්න ඕන. ඉතින් මගේ බලාපොරොත්තුව නොබෙල් ත්‍යාගය හරහා මට දෙයක් හිමි වෙනවා නම් ඒ සියල්ලත් මිනිසුන් නිරෝගීව තබන්න මම කැප කරනවා.”

මාලබේ අතුරුගිරිය පාරේ ඔස්ටියෝ ක්ලිනික් ආයතනය හරහා නිහඬව රටට සේවයක් කරන මහාචාර්ය සාගර කරුණාතිලක රටේ විශාල පිරිසකට ස්වෙච්ජාවෙන් සේවය කරන අතර පිළිකා, පාකින්සන් වැනි රෝග වලින් පීඩා විඳින රෝගීන්ටද ස්වාභාවික වෛද්‍ය ක‍්‍රමයක් උපයෝගී කරගනිමින් සිය සේවාව ඉදිරියට රැගෙන යමින් සිටිනවා.

සිය වෛද්‍ය ක‍්‍රමය හරහා ඉටු කරන සේවාව වෙනුවෙන් නයිට් පදවි 02ක්ද ලබා ඇති මහාචාර්යවරයා එංගලන්ත ජාතික මහාචාර්ය ශී‍්‍රමත් ස්ටිව් රසල් හා මහාචාර්ය වොට්සන් මහතාට සිය ස්තුතිය පුද කර සිටිනවා.

රටක අභිමානය ලොවට රැගෙන යන ලාංකික මාතෘ භූමියේ උපන් පුරවැසියකු ලෙස මහාචාර්යවරයා නොබෙල් ත්‍යාගය සඳහා නිර්දේශවීමම ලාංකීය නාමය ජාත්‍යන්තරයේ ඔසවා තැබෙන ගෞරවනීය මොහාතක් වන අතර සිය සහභාගීත්වය සඳහා මහාචාර්යවරයා පසුගියදා එංගලන්තය බලා පිටත්ව ගියා.

දුලංගා ලියනගේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here