Home Local ත්‍රීරෝද රථයක් පාසල් බසයක ගැටෙයි – ත්‍රීරෝදරථ රියදුරාට බරපතලයි

ත්‍රීරෝද රථයක් පාසල් බසයක ගැටෙයි – ත්‍රීරෝදරථ රියදුරාට බරපතලයි

263
0

කොටගල සිට හැටන් දක්වා අධික වේගයෙන් ධාවනය වු ත්‍රිරෝද රථයක් පාසල් ළමුන් ප්‍රවහනය කරන බස් රථයක ගැටිමෙන් ත්‍රිරෝද රථයේ ගමන් ගත් රියදුරා බරපතල ලෙස තුවාල ලබා කොටගල ප්‍රාදේශිය රෝහල වෙත ඇතුලත් කර ඇති බව දිඹුල පොලිසිය පවසනවා.

අද (27) උදෑසන 08ට පමණ මෙම අනතුර සිදු වි ඇත්තේ හැටන් – නුවරඑලිය ප්‍රධාන මාර්ගයේ කොටගල කොමර්ෂල් ප්‍රදේශයේදියි.

හැටන් සිට කොටගල ප්‍රදේශයේ වතුයායකට ධාවනය වෙමින් තිබු පාසල් ළමුන් ප්‍රවහනය කරන බස් රථයට ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ඉදිරියට ධාවනය වු ත්‍රිරෝද රථය බස් රථයේ ගැටි මෙම අනතුර සිදු වි තිබෙනවා.

ත්‍රිරෝද රථයේ රියදුරාගේ අධික වේගය අනතුරට හේතු වි ඇති බවත්, අනතුරෙන් ත්‍රිරෝද රථයට ද දැඩි අලාභ හානි සිදු වි ඇති බවයි පොලිසිය කියා සිටියා.

තුවාල ලැබු ත්‍රිරෝද රථයේ රියදුරා වැඩිදුර ප්‍රතිකාර සදහා දික්ඔය මුලික රෝහල වෙත මාරුකර යවා තිබෙනවා.

රංජිත් රාජපක්ෂ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here