ජනපි‍්‍රය ගායක චලක චමුපති පෙරේරා ඊයේ (26) අලූයම 2.30ට පමණ අවිස්සාවේල්ල – කොළඹ පරණ පාරේ කඩුවෙල, හේවාගම ප්‍රදේශයේ සිදු වූ රිය අනතුරකින් තුවාල ලබා මුල්ලේරියාව රෝහලට ඇතුළත් කර තිබෙනවා.
ඔහු පැදවූ මෝටර් රථය මාර්ගයෙන් ඉවතට පැන ඇළකට පෙරළීමෙන් මෙම අනතුර සිදුව ඇතැයි නවගමුව පොලිසිය පවසනවා.
සිද්ධිය සම්බන්ධයෙන් විස්තර කළ ගායක චලක චමුපතිගේ මව වන කල්‍යාණි පෙරේරා කියා සිටියේ,
”පුතා ලබන මාර්තු මාසයේ ඔස්ටේ්රලියාව බලා යන්නයි ඉන්නෙ. ඒ සඳහා අවශ්‍ය ලියකියවිලි වගයක් සම්බන්ධයෙන් විස්තර බලන්න පුතා බියගම ඉන්න යාළුවෙක් හම්බවෙන්න ගියා. ඒ ගිහින් පාන්දර තලවතුගොඩ ගෙදරට එනකොට පුතාට නින්ද ගිහින් තියෙනවා. එතකොට තමයි පුතා අනතුරට ලක්වෙලා තියෙන්නෙ. පුතාට දැන් ශල්‍යකර්මයක් කරමින් තියෙන්නෙ.”
අනතුරින් ගායක චලක චමුපතිගේ මෝටර් රථයට ද දැඩි අලාභ හානි සිදු වී ඇති අතර ගායක චලකගේ තත්ත්වය බරපතළ නොවන බව රෝහල් ප්‍රකාශකයෙක් කියා සිටියා.
නවගමුව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක මංජුල ද සිල්වාගේ උපදෙස් මත වැඩිදුර පරීක්ෂණ පවත්වනු ඇති.