Home Local ගස්ලබු වගාවන්ට පිටිමකුණු රෝගයෙන් බලපෑම්

ගස්ලබු වගාවන්ට පිටිමකුණු රෝගයෙන් බලපෑම්

404
0

නාඋල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයට අයත් ග්‍රාම නිලධාරි වසම් රැසක වගාරක ඇති පැපොල් ශාකවල ගෙඩිවලට පිටි මකුණු උවදුර වැලදී ඇතැයි ගොවින් පවසනවා.

ආර්ථික මෙන්ම ගෘහාශ්‍රිතව වගාකර ඇති පැපොල වගාවන්ට වැලදී ඇති මෙම පිටි මකුණු උවදුර හේතුවෙන් අස්වැන් නෙලීමට ආසන්න පැපොල් වගා රැසක් අස්වැන්න නෙලීමට නොහැකි තත්ත්වයට පත්ව තිබෙනවා.

විශේෂයෙන් වෙළදපොල හරහා ලබාගත් ගස්ලබු බීජ සදහා මේ වනවිටත් විශාල මුදලක් වැයකර ඇති බවත් පිටි මකුණු උවදුර හමුවේ නිසි අස්වැන්නක් ලබාගැනීමට නොහැකිවී යනු ඇතැයි ගොවීන් සඳහන් කර සිටිනවා.

සිය වගාවන්හි පැතිර යන පිටි මකුණු රෝගය පාලනය සම්බන්ධයෙන් විවිධ ක්‍රමෝපායන් භාවිත කළ බවත් ඉන් මේ වන තෙක් ප්‍රතිපල අත්වී නොමැති බව සඳහන්.

කෙසේ වෙතත් මාතලේ දිස්ත්‍රික් කෘෂි උපදේශන සේවා මධ්‍යස්ථාන කිහිපයකින් මේ සම්බන්ධයෙන් කළ විමසීමක දී ඔවුන් කියාසිටියේ ඇතැම් ප්‍රදේශ වලින් පමණක් වාර්තා වී ඇති මෙම රෝගී තත්ත්වය මාතලේ දිස්ත්‍රික්කයේ බහුලව දක්නට නොලැබෙන බවයි.

කෙසේ වෙතත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ විශේෂ අවධානය මේ සම්බන්ධයෙන් යොමුවී ඇති බව ද කෘෂි උපදේශන සේවා කාර්යාල නිලධාරින් කියා සිටියා.

ඉන්දික අරැණ කුමාර

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here