Home Hit කොළඹ සිට කරච්චි සහ ලාහෝර් දක්වා ගුවන් ගමන් අවලංගුයි

කොළඹ සිට කරච්චි සහ ලාහෝර් දක්වා ගුවන් ගමන් අවලංගුයි

373
0

ශ්‍රී ලංකාවේ සිට පාකිස්තානයේ කරච්චි සහ ලාහෝර් නුවර දක්වා හෙට (28) ගමන්ගැනීමට නියමිතව තිබූ සියලු ගුවන්ගමන් අවලංගු කිරීමට ශ්‍රී ලන්කන් ගුවන් සේවය පියවර ගෙන තිබෙනවා.

පාකිස්ථානු සිවිල් ගුවන් සේවා අධිකාරිය විසින් එරට ගුවන් කලාපය තාවකාලිකව වසාදැමීමත් සමගයි ශ්‍රී ලන්කන් ගුවන් සේවය මෙම තීරණය ගෙන ඇත්තේ.

කරච්චි සහ ලාහෝර වෙත ගමන් ගැනීමට නියමිත මගීන්ට ඔවුන්ගේ සංචාරක නියෝජිතයින් හා සම්බන්ධ වීමෙන් හෝ www.srilankan.com නම් වෙබ් අඩවිය වෙත පිවිසීමෙන් වැඩි විස්තර ලබාගත හැකි වන බවයි නිවේදනයක් නිකුත්කරමින් ගුවන් සමගාම නිවේදනය කරන්නේ.

ගුවන්ගමන් නවතාලීම හේතුවන සිදුවන අපහසුතාව සම්බන්ධයෙන් කණගාටුව පළකරන බවත් ගුවන් මගීන්ගේ ආරක්ෂාව ප්‍රමුඛතම වැදගත්කම හෙයින් මෙම තීරණය ගැනීමට සිදුවූ බවත් ගුවන් සමාගම සඳහන් කර සිටිනවා.

පවතින තත්ත්වය කිසිසේත්ම ගුවන් සමාගමට පාලනය කළ නොහැකි තත්ත්වයක් බවත් ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලන්කන් ගුවන් සේවය මනා විමසිල්ලෙන් පසුවන බවත් වැඩිදුරටත් නිවේදනය කර සිටිනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here