අතීත ශිෂ්ටාචාරවලට සම්බන්ධ මාතෘ දෙවඟනගේ පිළිමයක් වන්නට ඇතැයි විශ්වාස කරන මෙය ක්‍රි.පූ. 25,000 – 30,000කට පමණ පෙර සෑදුවකැයි සැලකේ .මෙය ඔස්ට්‍රියාවේ විලෙන්ඩෝෆ් නම් ගම්මානයෙන් හමු වී ඇත. විලෙන්ඩෝෆ්හි වීනස් දෙව්දුව ( Venus of Willendorf) ලෙස හැඳින්වෙන මේ ප්‍රතිමාව අඟල් 4.4 ක් උසය. මෙය අ (දරුඵල) සරුභාවය (fertility) සම්බන්ධ සංකේතයක් වන්නට ඇතැයි ද සැලකේ. යුරෝපීය ඉහළ පේලියෝලිතික යුගයට අයිති යැයි සැලකේ.
මුහුණක් දක්නට නොලැබෙන මෙහි අතිශයෝක්තියෙන් මතු කර පෙන්වන නිරුවත් පියවුරු, මහත කුස, සහ යෝනිය දැක ගත හැකිය. නූතනයේ සිහින් සිරුර අලංකාර යැයි සැලකුණ ද, මේ යුගයේ (බොහෝ දුරට) සහ ඉතිහාසයේ තවත් යුගවල මහත බව සශ්‍රීකත්වයේ, ශක්තිමත්භාවයේ සහ දරුඵල සහිත සරුභාවයේ සංකේතයක් ලෙස දැක ඇත.
උපුටා ගැනීම දේදුනු සංවාද පිටුවෙනි