Home Local ඕකිඩ් වගේ පේන්න වැවූ කංසා පැළ 1100ක් හසුවෙයි

ඕකිඩ් වගේ පේන්න වැවූ කංසා පැළ 1100ක් හසුවෙයි

488
0

ඕකිඩ් වැනි මල් වගාවක් ලෙසින් පෙනෙන අයුරින් නාත්තන්ඩිය, යටකලාන ප‍්‍රදේශයේ අක්කර 08ක පොල් ඉඩමක් මධ්‍යයේ ප්ලාස්ටික් හා ෆයිබර් මල් පෝච්චි තුළ වගා කර තිබූ කංසා ගස් තොගයක් ඊයේ (25) මාරවිල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අගල් 3 – 4ක ප‍්‍රමාණයට වූ පැළ සහ අඩි 4 – 5 පමණ දක්වා උස කංසා ගස් 1100කට වැඩි ප‍්‍රමාණයක් එහි වගා කර තිබූ අතර පොල් වත්ත මැද ගස් අඩු ප‍්‍රදේශයේ කළු පැහැති ඝනකමැති ඉටි කොළවලින් උසට ආවරණය කර තිබූ ස්ථානයක ඉතා රහසිගතව මෙම වගාව සිදුකර තිබෙනවා.

බිමට සුදු ඉටි කොළ එලා පෝච්චි තබා ඇති අතර පොහොර තෙල් වර්ග ආදියද ප්ලාස්ටික් කෑන්වල තිබී හමුව තිබෙනවා.

මෙහි සේවකයන් කීපදෙනකු සිටි බවද පොලිසියට තොරතුරු ලැබී ඇති අතර එහි සිටි නාත්තන්ඩිය අක්කර 80 ප‍්‍රදේශයේ පුද්ගලයෙක් සැකපිට අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මොහු ඉඩමේ බදුකරු බව ඉඩම හිමිකරු පවසනවා.

සැකකරු ඊයේ (26) වනදා මාරවිල අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇතැයි සඳහන්.

නාත්තන්ඩිය සහකාර පොලිස් අධිකාරී සුජීව විජයසේන, මාරවිල මූලස්ථාන පොලිස් පරීක්‍ෂක එස්. පී. එදිරිසිංහ යන නිලධාරීන්ගේ උපදෙස් මත උප පොලිස් පරීක්‍ෂක සුදේශ් ප‍්‍රනාන්දු, කොස්තාපල්වරුන් වන 609931 පුෂ්පකුමාර, 48270 සුජීව, 61141 කුමාර සහ 74902 සුමේධ යන නිලධාරීහු මෙම වැටලීම සිදුකරනු ලැබුවා.

kansa5001

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here