Home Local ළඟම පාසල අහිමිව සිටි ළමුන් සිව්දෙනාට පාසලේ දොර විවර වෙයි

ළඟම පාසල අහිමිව සිටි ළමුන් සිව්දෙනාට පාසලේ දොර විවර වෙයි

345
0

ගාල්ල සවුත්ලන්ඩ් විද්‍යාලය අහිමීව දින 50කට වඩා වැඩි කාලයක් එම විද්‍යාලය අසල අඛණ්ඩ විරෝධතාවක නිරතව සිටි සිසුවියන් සහ දෙමව්පියන්ට ඊයේ (25) දින එම දරුවන් පාසලට ඇතුලත් කරන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයෙකු විසින් ලිඛිතව විදුහල්පතිනියට දැනුම් දි තිබෙනවා.

දෙමාපියන්ගේ පදිංචිය සනාථ කිරීමේ ලේඛන පවතින චක්‍රලේඛවලට පටහැනි බව පවසමින් මෙ⁣ම සිසුවියන් එම විද්‍යාලයට ඇතුලත් කර ගැනීම පාසල් බලධාරීන් ප්‍රතික්ෂේප කර තිබුණා.

එම අසාධාරණයට එරෙහිව දෙමාපියන් අඛණ්ඩ අරගලයක නිරත වූ අතර ‘නිදහස් අධ්‍යාපනය උදෙසා සිසු ජන ව්‍යාපාරය’ හරහා අනෙකුත් සංවිධාන ඒකරාශීව අරගලය ඉදිරියට ගෙන යනු ලැබුවා.

පාසල ඉදිරිපිට ආරම්භ කල සත්‍යග්‍රහයට දින 50 ඉක්ම වනතුරුත් කිසිදු බලධාරියෙක් මෙකී ගැටලුවට විසඳුමක් ලබා දී තිබුණේ නැහැ.

ඒ අනුව ඊයේ(25) දින ‘නිදහස් අධ්‍යාපනය උදෙසා සිසු ජන ව්‍යාපාරය‘ සංවිධානය කළ විරෝධතාව පැවතියේ අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට අඛණ්ඩ ක්‍රියාමාර්ග සඳහා අවතීර්ණ වීමටයි.

ඒ අනුව ඊයේ දෙමාපියන්ට හා සිසු ජන ව්‍යාපාරයේ නියොජිතයන්ට අධ්‍යාපන අමාත්‍යවරයා සමඟ සාකච්ජාවක් ලබාදුන් අතර පැය 04කට ආසන්න කාලයක් ගත වු පසු සිසුවියන් පාසලට ඇතුලත් කරන ලෙස දැන්වු ලිපියක් අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයෙකුගේ අත්සනින් නිකුත් කෙරුණා.

ඒ අනුව එම දරුවන්ට සවුත්ලන්ඩ්ස් බාලිකා විද්‍යාලයට ඇතුලත් විමේ දොරටු විවර වනු ඇති.

සබැඳි පුවත් – සවුත්ලන්ඩ්ස් බාලිකාව ඉදිරිපිට විරෝධයට දින 52යි – බලධාරීන් තවමත් නිහඬයි

ෆර්හාන් නිසාම්දින්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here