Home Hit සනත් ජයසූරියට වසර ‍දෙකක් යනකන් ආයේ ක්‍රිකට් බැ

සනත් ජයසූරියට වසර ‍දෙකක් යනකන් ආයේ ක්‍රිකට් බැ

942
0

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ මර්දන පනතේ වගන්ති 2ක් උල්ලංඝනය කිරීම හේතුවෙන් හිටපු ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරියට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් වසර දෙකක ක්‍රිකට් තහනමක් පනවා තිබෙනවා. 

ඔහු විසින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ විරෝධී පනතේ 2.4.6 සහ 2.4.7 යන වගන්ති උල්ලංඝනය කළ බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ විරෝධී කමිටුව හමුවේ පිළිගෙන තිබෙනවා. 

එම චෝදනා වන්නේ ක්‍රිකට් දූෂණ පරීක්ෂණ සඳහා සනත් ජයසූරිය විසින් සහයෝගය ලබා නොදීම, සාක්ෂි ඉදිරිපත් නොකිරීම, එම පරීක්ෂන සඳහා සහභාගි නොවීම සහ බාධා කිරීම සහ ආදාළ සාක්ෂි විනාශ කිරීමයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here