Home Entertainment ලැම්බෝගිනි හිමිකරුට නීතිය කියා දුන් පොලීසිය

ලැම්බෝගිනි හිමිකරුට නීතිය කියා දුන් පොලීසිය

894
0

කෑගල්ල දෙස බලා ගමන් කළ සුපිරි ලැම්බෝගිනි රථයක් කෑගල්ල පොලීසියේ රථ වාහන අංශය විසින් පරික්ෂා කර නීතිය ක්‍රියාත්මක කළ සිද්ධියක් සමාජජාල හරහා හුවමාරු වෙමින් තිබෙනවා.

මෙම ලැම්බෝගිනි රථය ධාවනය කර ඇත්තේ ලියාපදිංචි නොකර බවත් එයට භාවිත කළ අංක තහඩු ගරාජ් අංක වන බවත් සානාථ කරගෙන තිබෙනවා.

යම් රථයක් ගරාජ් අංක යොදාගෙන මාර්ගයක ධාවනය කළ හැක්කේ පළමු වාරය වන අදාළ රථය රැගෙන යන මුල් අවස්ථා‍වේ පමණක් බව ලංකාවේ මාර්ග නීති වල සඳහන් වෙනවා.

එලෙස පවතිද්දී මෙම ලැම්බෝගිනි රථය ගරාජ් අංක තහඩු දර්ශනය කරමින් ගමන් කිරීම නිසා කෑගල්ල පොලීසිය විසින් නීතිය ක්‍රියාත්මක කර තිබුණා.

එම අවස්ථාවේදී පොලිස් නිලධාරීන් සහ ලැම්බෝගිනි රථය පැදවූ රියදුරු අතර මතගැටුමක් ඇතිව තිබෙනවා.

එම අවස්ථාවේදී කෑගල්ල සහකාර පොලිස් අධිකාරී ජයන්ත අතුකෝරල මැදිහත්ව ඔහුට මාර්ග නීතිය පිළිබඳව හැදීන්වීමක් කර අදාළ ලැම්බෝගිනි රථයට නීතිය ක්‍රියාත්මක කර තිබුණා.

එහිදී පොලිස් අධිකාරීවරයා පවසන්නේ, ”ලැම්බෝගිනි වෙන්න පුළුවන්, ජනාධිපතිගේ පුතා වෙන්න පුළුවන්, ඒකට යන්න වෙනම නීතියක් තියෙනවද..?”ලැම්බෝගිනියට නීතිය ක්‍රියාත්මක කළ පොලිස් නිලධාරියා යනුවෙනුයි.

පොලිසියට පැසසුම් එක්කරමින් මෙම සිදුවීම් අන්තර්ජාලය පුරාම දැන් හුවමාරු වෙමින් තිබීමද විශේෂත්වයක්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here