කොළඹ සිට යාපනය දක්වා ගමන්ගත් සුඛෝපභෝගි බස් රථයක් මාන්කුලම ප්රදේශයේදී අද (26) අලුයම ටිපර් රථයක ගැටීමෙන් පුද්ගලයෙකු ජිවිතක්ෂයට පත්ව තවත් පුද්ගලයින් 08 දෙනෙකු තුවාල ලබා ඇති බව මාන්කුලම පොලිසිය පවසනවා.
පොලිසිය පැවසුවේ අනතුරින් බස් රථයේ ගමන්ගත් පුද්ගලයෙකු ජිවිතක්ෂයට පත්ව ඇති අතර, බස් රථයේ ගමන්ගත් පුද්ගලයින් 08 දෙනෙකු තුවාල ලබා ඇති බවයි.
අනතුරින් තුවාල ලැබුවන් මාන්කුලම හා කිලිනොච්චිය රෝහල් වෙත ඇතුළත් කොට ඇති බවද පොලිසිය සදහන් කර සිටියා.
මාර්ගයේ නවතා තිබු ටිපර් රථයක බස් රථය ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් මාන්කුලම පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙවනු ලබනවා.




මාධව කුලසූරිය