කොළඹ අලුත්කඩේ අංක 3 මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව බම්බලපිටියේදී පොලිස් නිලධාරියෙක් අනතුරට පත්කර පළායෑමේ සිදූවීමට අදාළව අත්අඩංගුවට පත් සැකකරුවන් 8 දෙනාගෙන් 7 දෙනෙකුට ඇප ලැබී ඇත.
බොරැල්ල පොලීසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා අනතුරට ලක්කර පළාගිය ඩිෆෙන්ඩර් රථය පැදවූ රියදුරා ලබන 11 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති අතර ඇප නියම වූවන් අතර පාර්ලිමේන්තු මන්ත්රී මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ පුතා හා කොළඹ නාගරික මන්ත්රී සුදම්මික ආටිගල යන අයද වෙයි.