Home Local කුණු දැමූ නිසා පැය 08ක් වැසුණු පාර – PHOTOS

කුණු දැමූ නිසා පැය 08ක් වැසුණු පාර – PHOTOS

544

නාවලපිටිය, දඹගල ප්‍රදේශවාසින් නාවලපිටිය ආස්වැව හරහා දඹගල නුවරඑලිය සහ ගම්පොල දක්වා වු ප්‍රධාන මාර්ගය දඹගල ප්‍රදේශයෙන් ඊයේ (25) උදැසන 10 සිට පස්වරු 07 දක්වා අවහිර කරමින් සිදුකල උද්ඝෝෂනයක් හේතුවෙන් එම මාර්ගයේ ගමනාගමන කටයුතු පැය 08ක් සම්පුර්ණයෙන්ම ඇණ හිට තිබෙනවා.

එම මාර්ගයට නාවලපිටිය – හපුගස්තලාව ප්‍රදේශයෙන් කිසියම් පිරිසක් ඉවතලන කැලි කසල සහ ගොඩනැගිලි වලින් කඩා ඉවත් කරන ද්‍රව්‍යය ඉතා සුක්ෂම ලෙස ගෙනවිත් දැමිම හේතුවෙන් තමන් දැඩි පිඩාවට පත් වි සිටින බව පවසමිනුයි නාවලපිටිය දඹගල ප්‍රදේශවාසින් මෙම උද්ඝෝෂණයේ නිරත වූයේ.

එම ප්‍රධාන මාර්ගයට ගස්වල අතු කපා දමා මාර්ගය අවහිර කරමින් උද්ඝෝෂකයන් කියා සිටියේ තම ගම්මානයේ පවුල් 40 පමණ ජිවත්වන බවත්, තමන් ගමට පිවිසෙන මාර්ගයේ මෙසේ කැලි කසල සහ ගොඩනැගිලි අපද්‍රව්‍යය ගෙනවිත් බැහැර කිරිම හේතුවෙන් තමන් පිඩා රැසකට මැදි වි සිටින බවයි.

නාවලපිටිය, දඹගල අස්වැව හරහා නුවරඑලියට සහ ගම්පොලට පිවිසිමට ඇති ප්‍රධාන කෙටිම මාර්ගය අවහිර වි තිබිම නිසා නාවලපිටිය පොලිසියේ ස්ථානාධිපතිවරයා සහ කොත්මලේ ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයා උද්ඝෝෂකයින් සමග ඊයේ පස්වරුවේ සාකච්ඡා කර ප්‍රධාන මාර්ගයේ බැහර කර ඇති කැලි කසල ඉවත් කර ගැනිමටත් කැලි කසල බැහැර කරන අයට එරෙහිව නිතිමය පියවර ගැනිමටත් කටයුතු කිරිමට වු පොරෙන්දුවක් මත අවහිර කර තිබු ප්‍රධාන මාර්ගය ගමනාගමනය යථා තත්ත්වයට පත් කර උද්ඝෝෂනය අත්හරිනු ලැබුවා.

රංජිත් රාජපක්ෂ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here