Home Local උසස් පෙළට අයදුම් කරන ජාත්‍යන්තර පාසල් සිසුන්ට අලුත් නීතියක්

උසස් පෙළට අයදුම් කරන ජාත්‍යන්තර පාසල් සිසුන්ට අලුත් නීතියක්

330
0

මෙවර අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට අයදුම් කිරීමේදී ජාත්‍යන්තර පාසල් වල සිසුන්ට සිය අයදුම්පත් පෞද්ගලිකව ඉදිරිපත් කරන්නැයි විභාග දෙපාර්තමේන්තුව නියම කර තිබෙනවා.

වසර ගණනාවක සිට ජාත්‍යන්තර පාසල් සිසුන් සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විභාග වලට අයදුම්පත් ඉදිරිපත් කිරීමේදී ජාත්‍යන්තර පාසලේ නමින් සියලු සිසුන් අයදුම් කළ අතර මෙවර විශේෂ හේතුවක් නොදක්වා මෙතෙක් පැවැති ක්‍රියාපිළිවෙත වෙනස්කර තිබෙන බව ජාත්‍යන්තර පාසල් ප්‍රධානීන් පවසනවා.

විභාග දෙපාර්තමේන්තුවේ අලුත් නියමය හේතුවෙන් සිසුන්ට පෞද්ගලික මට්ටමෙන් සිය නිවෙස් වල පෞද්ගලික ලිපිනයක් යොදමින් උසස් පෙළ අයදුම්පත් ඉදිරිපත් කිරීමට සිදුවීමෙන් ඔවුන් දැඩි අපහසුතාවයට පත්ව සිටින බවයි වාර්තා වන්නේ.

මේ පිළිබඳ කළ විමසුමකදී විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත සඳහන් කළේ ජාත්‍යන්තර පාසල් සිසුන් අයත්වන්නේ පෞද්ගලික විභාග අපේක්ෂකයින්ගේ ගණයට බවය.

උපුටාගැනීම – ලංකාදීප (රංජන් කස්තුරි)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here