Home Local ෆෝන් හොරා පොලිස් දැලේ – සැකකරු දෙවරක් විවාහ වෙලා

ෆෝන් හොරා පොලිස් දැලේ – සැකකරු දෙවරක් විවාහ වෙලා

440
0

අන්තර්ජාලය ඔස්සේ පළවන දුරකථන අලෙවි වෙළෙඳ දැන්වීම් වලට අනුව ඒවා මිලදී ගැනීමට පැමිණ ව්‍යාජ දුරකථන නිවේදන පෙන්වා වංචා කළ තරුණයෙකු කටුනායක ගුවන් තොටුපළ පොලීසිය මගින් පසුගිය 23 වනදා රාත්‍රී කටුනායක ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මොහු ජනිත් කශාන් නැමැති 21 හැවිරිදි තරුණයෙකු වන අතර ඔහු මුලින් ගාල්ල, හික්කඩුව ප්‍රදේශයේත් පසුව කොළඹ , නුගේගොඩ ප්‍රදේශයේත් පදිංචිව සිටිමින් එම ප්‍රදේශවලදී විවාහයන් 02ක් ද සිදුකර ගත් අයෙකු බවයි පොලීසිය සිදුකරන ලද මූලික පරීක්ෂණ වලදී අනාවරණය කරගෙන ඇත්තේ.

සැකකරු මුලින්ම අන්තර්ජාලය ඔස්සේ පළවන දුරකථන අලෙවිය පිළිබඳව ඇති දැන්වීම් වල ඇති හිමිකරුවන්ට කථා කර , පසුව ඔවුන් වෙත පැමිණ අදාළ දුරකථන පරීක්ෂා කර එම අයිතිකරුවන් සමග මිල ගනන් වලට එකග වන අතර ඉන්පසු ඔහු එම දුරකථනය අයිතිකරුගේ බැංකු ගිණුම් අංකය ලබාගෙන ඔහු තම ජංගම දුරකථනය ඔස්සේ ඔහුගේ බැංකු ගිණුමෙන් අදාළ මුදල මෙම දුරකථන හිමිකරුගේ ගිණුමට මාරු වූ බවට බැංකුවෙන් නිකුත් කළ බව හැගවෙන ව්‍යාජ බැංකු නිවේදනයක් පෙන්වා එම දුරකථනය රැගෙන පළායන බවයි වාර්තා වන්නේ.

පසුව එම දුරකථන හිමිකරුවන් තම බැංකුවෙන් මෙම ගණුදෙනුව පිළිබඳව විමසීම් සිදුකිරීමේ දී එවැනි මුදල් හුවමාරුවක් සිදු වී නොමැති බව වාර්තා වීමෙන් පසු ඒ පිළිබඳව මෙම තරුණයාට දැන් වූ විට අන්තර්ජාලයේ පමා වීමක් මත මෙය සිදු වී ඇති බවත් එය තව මද වේලාවකින් නිවැරැදි වන බවත් ඔහු ප්‍රකාශ කරන බවට කරුණු අනාවරණය වී තිබෙනවා.

ඒ අතරතුර ඔහු එම ජංගම දුරකථනය අලෙවි කර මුදල් ලබා ගැනීම සිදුකරනු ලබනවා.

මේ ආකාරයට ඔහු කළ වංචාවන් රාශියක් පිළිබඳව දෙහිවල , පානදුර , ගල්කිස්ස , මිරිහාන සහ කටුනායක ඇතුළු පොලීසි ගණනාවකට පැමිණිලි ලැබී තිබෙනවා.

ඒ අනුව 23 වනදා අන්තර්ජාලයේ (ikman.lk) එවැනි දැන්වීමක් පළකර ඇති කටුනායක ගුවන් තොටුපළ පොලීසිය මෙම තරුණයා මෙම ජංගම දුරකථනය ලබා ගැනීමට කටුනායක ප්‍රදේශයට පැමිණ සිටියදී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබෙනවා.

මෙසේ අත් අඩංගුවට ගත් මෙම තරුණයා 24 දින සවස කටුනායක ගුවන් තොටුපළ පොලීසිය විසින් මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබූ අතර එහිදී ඔහු ලබන මාර්තු මස 01 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර ඇත්තේ.

කටුනායක ගුවන් තොටුපළ පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජයනාත් වනසිංහගේ අධීක්ෂණය සහ උපදෙස් යටතේ නිලධාරීන් පිරිසක් මෙම වංචාව පිළිබඳව සහ ඔහු විසින් සිදුකර ගෙන ඇති බහු විවාහයන් පිළිබඳව චෝදනා පිළිබඳවත් ඔහුට එරෙහිව පැමිණිලි ලැබී ඇති අනෙකුත් පොලීසි සමග ඒකාබද්ධව පරීක්ෂණ කටයුතු සිදුකරමින් සිටිනවා.

ටී.කේ.ජී.කපිල

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here