Home World සමකාමී විවාහ නීතිගත කරන ආසියාවේ ප්‍රථම රට මෙන්න

සමකාමී විවාහ නීතිගත කරන ආසියාවේ ප්‍රථම රට මෙන්න

729
0

තායිවාන රජය විසින් සමකාමී විවාහ නීති ගත කිරීමට නීති කෙටුම්පතක් ඊයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. එය පාර්ලිමේන්තුව අනුමත කළහොත් ආසියාවේ සමකාමී විවාහ අයිතිය පිළිගන්න ප්‍රථම රට ලෙස තායිවානය පත්වනු ඇති. මේ එවැනි නීති කෙටුම්පතක් ආසියාවේ රටක් විසින් පළමුවෙන්ම පාර්ලිමේන්තුවකට ඉදිරිපත් කළ අවස්ථාව ද වෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් තායිවාන නව අගමැති ප්‍රකාශ කර සිටියේ එමඟින් සමකාමී පුරවැසියන්ට විවාහ වීමේ අයිතිය ලැබෙනු ඇති බවයි. තවද දරුවන් හදා වඩා ගැනීම හා කාලත්‍රයාගේ උරුමය වැනි විෂමකාමී විවාහ යුවළවලට ලැබෙන නීතියේ ආරක්ෂාව සමකාමී යුවලවලටද ලැබෙනු ඇති. 2017 මැයි මාසයේ තායිවාන ව්‍යවස්ථාදායක අධිකරණය ඓතිහාසික තීන්දුවක් ලබා දෙමින් සමකාමී විවාහ අයිතිය පිළිගන්නා ලදී. ඒ තීන්දුව අනුව රජයට එය නීති ගත කිරීමට ලබා දුන් නියමිත කාලයට අනුව එය මේ වසරේ මැයි මාසයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇත. 

පසුගිය වසරේ නොවැම්බර් මස තායිවාන මහා මැතිවරණයට සමගාමීව පැවති ජනමත විචාරයකින් – නව ජනමතවිචාර පනත අනුව මුළු ඡන්ද කොට්ඨාශ අතරින් තෝරා ගත් 1.5ක ප්‍රතිශතයකට එනම් 280,000ක් පමණ ඡන්දදායකයන් වෙත ප්‍රශ්නාවලියක් යොමු කිරීම හරහා සමකාමී අයිතිවාසිකම් සම්බන්ධ ප්‍රශ්න කිහිපයක් අසා තිබුණා. මේ ප්‍රශ්නාවලියේ දී සමලිංගික අයිතිවාසිකම් පිළි ගැනීමට ජනතාව බහුතරය කැමැති වුනත්, සමලිංගික විවාහවලට ඉඩ දීම ඔවුන් ප්‍රතික්ෂේප කළා, නමුත් ජනමත විචාරණයට කලින්ම අධිකරණය විසින් කීවේ ජනමත විචාරණයේ ප්‍රතිඵල පදනම් කර ගෙන අධිකරණයේ තීන්දුව වෙනස් කළ නොහැකි බවයි. 

ජනමතවිචාරණයේ ප්‍රතිඵල ද සැලකිල්ලට ගෙන පවතින සිවිල් විවාහ නීතිය සංශෝධනය නොකර සමකාමී පුරවැසියන්ට වෙනම විවාහ නීතියක් සඳහා කෙටුම්පතක් (21 දා) ඉදිරිපත් කළා. මේ ආසියාවේ සමලිංගික විවාහ සම්බන්ධයෙන් ඉදිරිපත් වූ පළමු කෙටුම්පතයි. එසේ වුවත් තායිවානයේ LGBTIQ ක්‍රියාකාරීන් මේ සම්බන්ධයෙන් තව විරුද්ධතාවය ප්‍රකාශ කර තිබුනේ තමන්ට අවශ්‍ය වෙනම නීතියක් නොව, රටේ අනෙකුත් අය සේම සාමාන්‍ය සිවිල් නීතිය යටතේ විවාහ වීම බවයි. විවාහය යනු සමලිංගික හෝ විෂම ලිංගික යැයි වෙන් නොකොට යුතු, කාටත් ලැබිය යුතු පොදු අයිතියක් බවට ඔවුන් අදහස් පළ කර තිබුණා. 

”විෂමකාමී හෝ සමකාමී වුවත් අප එකම රටකට අයිති වෙනවා. මම අවංකවම බලාපොරොත්තු වෙනවා අප සියලු දෙනාම විවිධත්වය පිළිගෙන අන් අයට මිත්‍රශීලීව සලකයි කියා” යැයි මේ අතර නව අගමැතිවරයා විසින් පවසා තිබුණා. 

තායිවානයේ බුදුදහම හා ටාඕවාදය ප්‍රධාන ආගම් ලෙස පවතියි.


උපුටාගැනීම දේදුනු සංවාද  ෆේස්බුක් පිටුවෙනි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here