Home Local පොලිස් ජීප් රියක් ඇළට පෙරලමින් තුනක් රෝහලේ

පොලිස් ජීප් රියක් ඇළට පෙරලමින් තුනක් රෝහලේ

208
0

අද (25) අලුයම ආණමඩුව පොලීසියේ ජීප් රථය හදිසි රාජකාරියකට ගොස් ආපසු පොලිස්ථානය වෙත එමින් සිටියදි උප්පලවත්ත ප්‍රදේශයේදි මාර්ගයෙන් ඉවතට පැන බොක්කුවකින් පහළට පෙරලියාමෙන් තිදෙනෙකු තුවාල ලබා ආණමඩුව රෝහලට ඇතුලත් කල ඇත.

පොලිස් 119 හදිසි ඇමතුමකට ආඩිගම ප්‍රදේශයට ගොස් ආපසු පොලිස්ථානය වෙත පැමිණෙමින් තිබියදි මෙම අනතුර සිදුව තිබු බව පැවසේ.

මාර්ගයේ ගමන් කරමින් තිබු වෙනත් වාහනයකට ඉඩ දිමට කටයුතු කරද්දි ජිප් රථයේ ක්ෂණිකව සිදුවු කාර්මික දෝෂයක් හේතුවෙන් බොක්කුවේ ගැටි එකවර පහළට වැටි ඇති බව කියයි.

අනතුරින් ජීප් රථයේ ගමන් කරමින් සිටි පොලිස් නිලධාරීන් තිදෙනෙකු තුවාල ලබා ආණමඩුව මුලික රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව බරපතල තත්ත්වයේ පසුවු එක් අයකු පුත්තලම මුලික රෝහලට ඇතුලත් කල බව ආණමඩුව පොලීසිය පවසයි.

පුත්තලම – හිරාන් ප්‍රියංකර

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here