Home Local පුරන් වූ කුඹුරු යායක් අස්වද්දා අස්වැන්න ශාසනයට භාරදෙයි – PHOTOS

පුරන් වූ කුඹුරු යායක් අස්වද්දා අස්වැන්න ශාසනයට භාරදෙයි – PHOTOS

894

ගිනිගත්හේන අඹගමුව නුගේදෙණිය ප්‍රදේශයේ පුරන් වු කුඹුරුයායක් වසර 07කට පසු අස්වද්දා එහි අස්වැන්න අඹගමුව විජයබාහු පිරිවෙනට භාරදිම ඊයේ (24) එම වෙල් යායේදි සිදුකෙරුණා.

අඹගමුව ප්‍රාදේශිය සභාවේ ප්‍රාදේශිය සභා මන්ත්‍රි හෙලප්‍රිය නන්දරාජ විසින් එම විහාරස්ථානයේ ධායක සභාව සහ ගොවි සමිතිවල සමාජිකයන් දිරි ගන්වමින් විහාරස්ථානයට අයත් අක්කර 03ක භූමි ප්‍රමාණයක් මෙලෙස අස්වද්දා එහි අස්වැන්න එම විහාරස්ථානයේ විහාරාධිපති උඩුගම පලාතේ අධිකරණ සංඝනායක නන්දසාර හිමියන් වෙත භාරදෙනු ලැබුවා.

නුගදෙණිය කුඹුරු යාය වසර ගණනාවක් තිස්සේ පුරන් විමට ඉඩ හැර තිබිම නිසා යලිත් එම කුඹුරුයාය අස්වැද්දිම සදහා එම ඉඩම් වල අයිතිකරුවන් දිරි ගැන්විමට විහාරස්ථානය සතු කුඹුරුයාය අස්වැද්දු බවයි හෙලප්‍රිය නන්දරාජ මන්ත්‍රීවරයා කියා සිටියේ.

අඹගමුව ප්‍රදේශයේ මෙවැනි පුරන් වු කුඹුරු ඉඩම් ගණවක් ඇති බවත්, එම ඉඩම් අස්වැද්දිමට ගොවි සමිති දැනුවත් කිරිමට මන්ත්‍රීවරයා ඉදිරියට කටයුතු කරනු ඇති.

රංජිත් රාජපක්ෂ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here