Home Local දුම්රිය මගහැරුණු ශ්‍රී පාද වන්දනාකරුවන් දුම්රිය ස්ථානයේ යකානටයි – PHOTOS

දුම්රිය මගහැරුණු ශ්‍රී පාද වන්දනාකරුවන් දුම්රිය ස්ථානයේ යකානටයි – PHOTOS

542
0

ගාල්ල ප්‍රදේශයේ සිට ශ්‍රි පාද වන්දනාවේ පැමිණි වන්දනාකරුවන් පිරිසකට හැටන් දුම්රිය ස්ථානයේදි බදුල්ලේ සිට කොළඹ කොටුව දක්වා ධාවනය වු උඩරට මැණිකේ දුම්රිය අද (25) මගහැරිම හේතුවෙන් එම මගින් පිරිස හැටන් දුම්රිය ස්ථානයේදි නොසන්සුන්කාරි ලෙස හැසිරුණා.

ගාල්ල දුම්රිය ස්ථානය සිට හැටන් දුම්රිය ස්ථානය දක්වා ශ්‍රි පාද වන්දනාවේ ගොස් ආපසු ගාල්ල දක්වා යාමට සහ ඒමට එක් ගමන් වාරයකට රු 750 බැගින් දුම්රිය දෙපාර්තුමේන්තුවට මුදල් ගෙවා දෙවන පන්තියේ සහ තෙවන පන්තියේ ආසන 18ක් මෙම වන්දනාකරුවන් පිරිස විසින් වෙන් කරගෙන තිබෙනවා.

අද උදැසන 10.30ට හැටන් දුම්රිය ස්ථානයේ සිට කොළඹ කොටුව දක්වා උඩරට දුම්රියෙන් යාම සදහා මෙම ශ්‍රි පාද වන්දනාකරුවන් පිරිස කුඩා දරුවන්ද අතතිව නල්ලතන්නිය නගරයෙන් උදැසන 08ට හැටන් ලංගම ඩිපෝවේ බස් රථයට ගොඩ වි හැටන් දුම්රිය ස්ථානය දක්වා පැමිණ තිබෙනවා.

හැටන් ලංගම ඩිපෝවේ බස් රථයේ රියදුරාට එම වන්දනාකරුවන් පිරිස පවසා ඇත්තේ තමන් උඩරට මැණිකේ දුම්රියට යාමට අවශ්‍ය නිසා කඩිනමින් බස් රථය හැටන් දුම්රිය ස්ථානය දක්වා ධාවනය කරවන ලෙසයි.

එම ඉල්ලිමද නොසලකා හැටන් ලංගම බස් රථයේ රියදුරා බස් රථය නියමිත වේලාවට වඩා ප්‍රමාද වි හැටන් දුම්රිය ස්ථානය වෙත පැමිණි නිසා උඩරට මැණිකේ දුම්රිය මග හැරුණු බවයි එම වන්දනාකරුවන් පිරිස චෝදනා කර සිටියේ.

උඩරට මැණිකේ දුම්රිය මග හැරිම හේතුවෙන් එම වන්දනාකරුවන් පිරිස හැටන් ලංගම ඩිපෝවටද පැමිණිලි කර වෙනත් දුම්රියකින් කොළඹ කොටුව දක්වා මුදල් ගෙවා ප්‍රවේශපත් රැගෙන සිය ගමනාන්තය දක්වා යනු ලැබුවා.

මේ සම්බන්ධයෙන් අප හැටන් දුම්රිය ස්ථානයේ නිලධාරියෙකුගෙන් කල විමසුමකට ඔහු කියාසිටියේ බස් රථයේ රියදුරා හැටන් දුම්රිය ස්ථානාධිපතිවරයා වෙත දුරකථන ඇමතුමක් ලබාදුන්නේ නම් දුම්රිය විනාඩි කිහිපයක් හැටන් දුම්රිය ස්ථානයේ නතර කර ගැනිමට හැකියාව තිබු බවයි.

වන්දනාකරුවන් නගන චෝදනාව සම්බන්ධයෙන් අප හැටන් ඩිපෝවේ කළමණාකාර අනුර දොඩම්තැන්නගෙන් කළ විමසුමකට අනුව ඔහු කියාසිටියේ බස් රථයේ රියදුරා නියමිත වේලාවට වඩා බස් රථය ප්‍රමාද කර හැටන් දුම්රිය ස්ථානය වෙත ධාවනය කිරීම නිසා එම වන්දනාකරුවන් පිරිසට දුම්රිය මග හැරි ඇති බවයි.

වන්දනාකරුවන් කරන ලද පැමිණිල්ල මත ලංගම බස් රථයේ රියදුරා සම්බන්ධයෙන් විනය පරික්ෂණයක් ආරම්භ කිරිම සදහා එම රියදුරා රාජකාරියෙන් ඉවත් කර පොරොත්තු සේවයේ තැබිමට පියවර ගත් බවද හැටන් ලංගම ඩිපෝවේ කළමණාකාරවරයා කියා සිටියා.


රංජිත් රාජපක්ෂ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here