Home Hit ජයග්‍රාහී ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් දිවයිනට පැමිණෙයි – PHOTOS

ජයග්‍රාහී ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් දිවයිනට පැමිණෙයි – PHOTOS

641

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පැවති ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය ජයග්‍රහණය කළ ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් 08 දෙනෙකු අද (25) දින උදෑසන 8.00ට දෝහා සිට පැමිණි කටාර් ගුවන් සේවයේ QR – 656 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියා.

ඔවුන් පිළිගැනීමට ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරීන් මෙන්ම එම ක්‍රීඩකයන්ගේ නෑදෑ හිතවතුන් ද ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියා.

එම ක්‍රීඩකයන් අතර කෞශාල් සිල්වා, මොහොමඩ් සිරාඩ්, මිලින්ද සිරිවර්ධන, හසිත ඇඹුල්දෙණිය, අකිල
ප්‍රනාන්දු, දිමුත් කරුණාරත්න, ළහිරු තිරිමාන්න සහ සුරංග ලක්මාල් වනවා.



ටී.කේ.ජී.කපිල

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here