Home Environment කාසල්රි ජලාශයෙන් දූපතක් මතුවෙයි – PHOTOS

කාසල්රි ජලාශයෙන් දූපතක් මතුවෙයි – PHOTOS

821

ජාතික විදුලි බල පද්ධතියට විදුලි උත්පදනය සදහා ප්‍රධාන වශයෙන් ජලය සපයන කාසල්රි ජලාශයේ අලුතින් දුපතක් මතු වි තිබෙනවා.

කාසල්රි ජලාශයේ ජල පෝෂක ප්‍රදේශවලට මේ දිනවල පවතින දැඩි වියළි කාලගුණයත් සමග එම ජලාශයේ ජල මට්ට්ම සිඝ්‍රයෙන් පහත බැසිමත් සමග මෙම දුපත මතු වී ඇති බවයි වාර්තා වන්නේ.

හැටන් – බගවන්තලාව ප්‍රධාන මාර්ගයේ නොර්වුඩ් නිව්වැලිගම ප්‍රදේශයේ ඉකුත් වසරේ 2018.10.15 දින නිවාස 05ක් සමග ප්‍රධාන මාර්ගයේ විශාල කොටසක් කාසල්රි ජලාශයට නායයාම හේතුවෙන් එම ජලාශයේ පස් සහ කඩාගෙන ගිය ගොඩනැගිලි ද්‍රව්‍යය තැන්පත්වීම නිසා එම ජලාශයේ අලුතින් දුපතක් ලෙස එම පස් තට්ටු තැන්පත් වි තිබෙනවා.

එම ප්‍රදේශය නාය යාමෙන් විශාල පස් ප්‍රමාණයක් ජලාශයට කඩා වැටි ඇති බව ජතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ නිලධාරින් කළ සමික්ෂනයකදි තහවුරු වි තිබෙනවා.

කාසල්රි ජලාශයේ ජල මට්ටම තව දුරටත් පහළ බැසිම හේතුවෙන් කාසල්රි ජලාශයේ නිව්වැලිගම ප්‍රදේශයේ සිට ජලාශයේ එපිටට මස්කෙලි ප්‍රදේශයට ගමන් කිරිමටද අවස්ථාව උදා වීමට ඉඩ ඇති බවයි වාර්තා වන්නේ.

කාසල්රි ජලාශයෙන් දූපතක් ලෙස දැනට මතු වි ඇති ස්ථානය එවකට විශාල ගැඹුරකින් යුක්ත ප්‍රදේශයක් වශයෙන් තිබු බවයි විදුලිබල මණ්ඩලය හදුනාගෙන තිබුණේ.

මෙම නායයාම නිසා විශාල පරිසර හානියක්ද සිදුව තිබෙනවා.

රංජිත් රාජපක්ෂ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here