Home World ඕමානයේ රිය අනතුරකින් ලංකාවේ සිව්දෙනෙක් මරුට

ඕමානයේ රිය අනතුරකින් ලංකාවේ සිව්දෙනෙක් මරුට

398
0

ඕමානයේ ජෙබෙල් අක්දාර් ප්‍රදේශයේ සිදු වූ රිය අනතුරකින් ශ්‍රී ලංකික දරුවන් තිදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මියගොස් ඇතැයි ඕමානයේ පළවන ‘‘times of oman’’ සහ ‘‘muscat daily’’ පුවත්පත වාර්තා කර තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ එකම පවුලේ මව, දියණියන් වන ආෆා අහමද් සකී, නාවල් අහමද් සකී යන දැරියන් දෙදෙනා සහ ඔවුන් සමඟ ගමන් ගත් ෆාක් අහමද් මුසාම් නැමැති තවත් කුඩා පිරිමි දරුවෙකි.

මියගිය දරුවන් තිදෙනාම ඕමානයේ මස්කට් නුවර ශ්‍රී ලංකා පාසලේ අධ්‍යාපනය ලබමින් සිටි අය බවයි වාර්තා වන්නේ.

එම රිය අනතුරෙන් තවත් තිදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති අතර ඉන් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතල බව ඕමාන රාජකීය පොලීසිය සඳහන් කර සිටිනවා.

එකම පවුලේ මව, පියා ,දියණියන් දෙදෙනා ,පුතා සහ ඔවුන්ගේ යහළුවන් වන තවත් පිරිමි ළමයින් දෙදෙනෙකු පසුගිය සෙනසුරාදා දිනයේ විනෝද චාරිකාවක් යන අතරතුරයි මෙම අනතුර සිදුව ඇත්තේ.

මෙම පිරිස ලංකාවේ අක්කරෙයිපත්තු ප‍්‍රදේශයේ පදිංචිව සිටි පිරිසක් බවයි අනාවරණය වී ඇත්තේ.

විදෙස් මාධය වාර්තා කරන්නේ අනතුර සිදු වූ අවස්ථාවේ මෙම පිරිස ගමන් ගත් රථය පැදවු පියාට නිවැරදිව තිරිංග යොදා ගැනීමට නොහැකි වීම හේතුවෙන් මෙම රිය අනතුර සිදුව ඇති බවයි.

කෙසේ වෙතත් රිය අනතුර සම්බන්ධයෙන් ඕමාන රාජකීය පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වමින් සිටිනවා.

මෙම හදිසි මරණයට ශෝකය පළ කිරීමක් වශයෙන් මස්කට් නුවර ශ්‍රී ලංකා පාසල ඊයේ (24) දින සම්පූර්ණයෙන් වසා දැමීමට කටයුතු කළ බව එම පාසලේ විදුහල්පති නිර්මල ලියනගේ සඳහන් කර සිටිනවා.

එසේම එම දරුවන් සිහපත් කරමින් විශේෂ සැමරුම් උත්සවයක් පාසලේ සියලූම සිසුන්ගේ සහ ආචාර්ය මණ්ඩලයේ සහභාගීත්වයෙන් අද (25) පෙරවරුවේ විදුහල් පරිශ‍්‍රයේ පවත්වා තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here