Home Politics ”එජාපය කිසිඳු මැතිවරණයකට බය වෙන්නේ නැහැ” – අමාත්‍ය නවීන් දිසානායක

”එජාපය කිසිඳු මැතිවරණයකට බය වෙන්නේ නැහැ” – අමාත්‍ය නවීන් දිසානායක

331
0

එක්සත් ජාතික පක්ෂය ඉදිරියේදි පැවැත්වෙන කිසිදු මැතිවරණයකට බිය නොවන බව වැවිලි කර්මාන්ත අමාත්‍යය හා එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක නවින් දිසානායක පවසනවා.

අමාත්‍යවරයා ඒ බැව් කියා සිටියේ කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය මගින් අඹගමුව ප්‍රාදේශිය ලේකම් බල ප්‍රදේශයේ කුඩා තේ වතු හිමියන් 380 දෙනෙකුට පාංශු සංරක්ෂණය සදහා රුපියල් ලක්ෂ 06ක චෙක්පත් බෙදාදිමේ උත්සවයට අද (25) එක්වෙමින්.


මෙහිදි වැඩි දුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා කියා සිටියේ මුදල් අමාත්‍යයවරයා මෙවර අයවැයෙන් ජනතාවට සහන රැසක් ලබාදෙන බවට තමන් තුල විශ්වාසයක් ඇති බවයි.

ඉදිරියේදි මුලින්ම පවත්වන්නේ ජනාධිපති මැතිවරණයක් බවත්, එම මැතිවරණයට මුහුණ දිමට එක්සත් ජාතික පක්ෂය ශක්තිමත් බවයි ඔහු වැඩිදුරටත් කියාසිටියේ.

දුෂිතයන්ට, සොරුන්ට සහ බේබද්දන්ට පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට කථික බලය ලබාදෙන්නේ මේ රටේ ජනතාව බවත්, එ සදහා ජන්ද දායකයාට අයිතියක් තිබෙන බවත්, අමාත්‍යයවරයා සඳහන් කර සිටියා.

මේ රට තුල තේ සදහා තවදුරටත් ලෝකයේ ඉහලම පිලිගැනිමක් තිබෙන බවත්, ශ්‍රි ලංකාවෙන් අපනයනය කරන තේ වලට රසායනික ද්‍රව්‍යය මිශ්‍ර කරන තේ නිෂ්පාදකයන් කෙරෙහි තමන් දැඩි විමසිල්ලෙන් සිටින බවත්, එම තේ නිෂ්පාදකයන්ට එරෙහිව දැඩි පියවරක් ගන්නා බවත් ඔහු අවධාරණය කළා.

රංජිත් රාජපක්ෂ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here