Home Local උතුරු පළාතේ හර්තාල් – PHOTOS

උතුරු පළාතේ හර්තාල් – PHOTOS

200
0

යුද්ධයෙන් අතුරුදහන් වූවන් සොයා දෙන ලෙසට හා මියගියවූවන්ට සාධාරණය ඉටු කරන ලෙසට ඉල්ලීම් කරමින් අද (25) උතුරු පළාතේ හර්තාලයක් කැදවා තිබෙනවා.

ජිනිවා මානව හිමිකම් කවුන්සලයේ 2019 වර්ෂයේ සැසි වාරය ආරම්භ කිරීමට සමගාමීව යුද්ධයෙන් අතුරුදහන්වූවන් සොයාදෙන ලෙසට හා මියගියවූවන්ට සාධාරණය ඉටු කරන ලෙසට ඉල්ලීම් කරමින් අතුරුදහන්වූවන්ගේ ඥාතීන් හර්තාලය කැඳවනු ලැබුවා.

හර්තාලයට සහයෝගය පළ කරමින් යාපනය, වවුනියාව, කිලිනොච්චිය, මන්නාරම හා මුලතිව් දිස්ත්‍රික් වෙළඳ සංගම් සිය වෙළඳ සැල් වසා දමා තිබෙනවා.

හර්තාලය හේතුවෙන් උතුරු පළාතේ නගරාශ්‍රිත පාසල් වෙත ළමුන් නොපැමිණි ආකාරයක්ද දක්නට ලැබුණා.

මාධව කුලසූරිය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here