ආවා කල්ලියේ වර්තමානයේ නායකයෙක් යැයි හදුන්වන පුද්ගලයෙකුගේ නිවසකට කඩු රැගත් පිරිසක් විසින් ඊයේ (24) සවස පහරදි ඇති බව යාපනය ආරක්ෂක අංශ පවසනවා.
යාපනය ආරක්ෂක අංශ පැවසූවේ මානිප්පායි ප්රදේශයේ ‘ආවා සන්නා’ නමැත්තාගේ නිවසක් වෙත අදාළ පහරදීම සිදුකොට ඇති බවයි.
යතුරුපැදි 03කින් මුහුණු ආවරණය කොටගෙන කඩු රැගෙන පැමිණි පුද්ගලයින් පිරිසක් අදාළ පහරදීම සිදුකොට ඇති බවට ආරක්ෂක අංශ අනාවරණය කොටගෙන ඇත්තේ.
කල්ලියේ පැරණි නායයෙකු හා නව නායකයා අතර ගැටුමක් හෝ වෙනත් සංවිධානත්මක ක්රියාවක් මත අදාළ ක්රියාව සිදුව ඇති බවටයි ආරක්ෂක අංශ සැක පළ කරන්නේ.
සන්නා නමැත්තාගේ නිවසේ නවතා තිබු යතුරුපැදි 03කට කඩු වලින් පහරදි ඇති බවද ආරක්ෂක අංශ සඳහන් කර සිටිනවා.
සිද්ධිය සම්බන්ධයෙන් මානිප්පායි පොලිසිය හා යාපනය ආරක්ෂක අංශ වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනු ඇති.


මාධව කුලසූරිය