Home World අත්අඩංගුවේ පසුවන මාධ්‍යවේදීන් දෙදෙනාට සම්මාන

අත්අඩංගුවේ පසුවන මාධ්‍යවේදීන් දෙදෙනාට සම්මාන

332
0

මියන්මාරයේ අත්අඩංගුවේ පසුවන රොයිටර් මාධ්‍යවේදීන් දෙදෙනා “ජෝර්ජ් පෝක්” සම්මානයෙන් පිදුම් ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

අමෙරිකා එක්සත් ජනපදයේ ගෞරවාන්විත සම්මානයක් වන මෙය නිව්යෝක් හි ‘ලෝන්ග් අයිලන්ඞ්’ විශ්වවිද්‍යාලය මගින් වාර්ෂිකව ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ විවිධ අංශ අගයමින් ප්‍රදානය කරනු ලබන්නක්.

ඒ අනුව වා ලෝන් සහ යෝව් සෝ ඕ යන මාධ්‍යවේදීන් දෙදෙනාට ‘විදෙස් වාර්තාකරණය’ වෙනුවෙන් පිදෙන ‘ජෝර්ජ් පෝක්’ සම්මානය හිමි වී තිබෙනවා.

මහජන සුබ සිද්ධිය උදෙසා ගවේෂණාත්මක ජනමාධ්‍යකරණයේ යෙදෙමින් ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ උදෙසා කරන ලද සුවිශේෂී සේවයත් ක්ෂේත්‍රය තුළින් ලබාගන්නා ලද විශේෂ ජයග්‍රහණත් යන කරුණු සලකා බලමින් ඊට ගෞරව කිරීමක් ලෙසයි මෙම සම්මානය පිරිනමා ඇත්තේ.

මේ වන විට මියන්මාර අත්අඩංගුවේ සිටින මෙම මාධ්‍යවේදීන් දෙදෙනා විසින් මියන්මාර හමුදා රකීන් ප්‍රාන්තයේ රොහින්ග්‍යා වැසියන් සමූල ඝාතනය කරන බවට ලොවට අනාවරණය කරන ලද අතර මියන්මාර රජයේ හමුදා බටහිර මියන්මාරයේදී රොහින්ග්‍යා තරුණයන් ඇතුළු පිරිමි පිරිසක් ඝාතනය කළ බවද අනාවරණය කරනු ලැබුවා.

මෙම සම්මානය සඳහා ඔවුන් සුදුසුකම් ලැබුවේ ‘මියන්මාරයේ සංහාරය (මැසකර් ඉන් මියන්මාර්)’ යනුවෙන් කරන ලද ගවේෂණාත්මක වාර්තාකරණය වෙනුවෙනුයි.

එම පුවත් වාර්තා සකසමින් සිටියදී ඔවුන් අත්අඩංගුවට පත් වූ අතර රාජ්‍ය රහස් සොරකම් කළ බවටත් ඒවා හෙළිකළ බවට ඔවුන්ට චෝදනා එල්ල වුණා.

ඔවුන් දෙදෙනාට එරෙහිව පැවැති නඩුව මාධ්‍ය නිදහස සම්බන්ධයෙන් ඉතිහාසයේ පැවැති ඉතිහාස නඩු විභාගයක් බවට පත්වුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here