Home Local ”මත්ද්‍රව්‍ය වලින් තොර වැලිගම පුරවරයක්” වෙනුවෙන් පා ගමනක් – PHOTOS

”මත්ද්‍රව්‍ය වලින් තොර වැලිගම පුරවරයක්” වෙනුවෙන් පා ගමනක් – PHOTOS

324
0

”මත්ද්‍රව්‍ය වලින් තොර වැලිගම පුරවරයක්” මැයෙන් සංවිධානය කල පා ගමනක් අද (24 ) දින පෙරවරුවේ දි වැලිගම නගරයේදි පැවැත්වුණා.

මෙම පාගමන සදහා වැලිගම ප්‍රාදේශීය ලේකම් සුමිත් ශාන්තගේ හා මාතර සහකාර පොලිස් අධිකාරී උදය කුමාර වැලිගම දිසා රෝහලේ වෛද්‍ය පියසිරි ඇතුළු නිලධාරීන්, වැලිගම පාසල් දරුවන් හා ක්‍රීඩා සංවිධාන සහ සියලුම සිවිල් සංවිධාන ඇතුළු 3000කට වැඩි පිරිසක් එක්ව සිටියා.

මෙම පා ගමන වැලිගම කඩෙිවත්ත පෙදෙසෙහි සිට ආරම්භකර ප්‍රධාන මාර්ගය ඔස්සේ වැලිගම නගර දක්වා ගමන්කර ඉන් අනතුරුව වැලිගම අර්ෆා මහ විද්‍යාලය දක්වා ගමන් කර කෙටි ජන හමුවක් පවත්වා අවසන් කරනු ලැබුවා.

මෙහිදී ප්‍රාදේශීය ලේකම් සුමිත් ශාන්ත කියා සිටියේ, මත්ද්‍රව්‍ය ජාවාරම නතර කළ යුතු නමි අප පළමුව කළ යුත්තේ සැපයුම නතර කිරිම නොව මත්ද්‍රව්‍ය සඳහා තිබෙන ඉල්ලුම නතර කළ යුතු බවයි.

එමඟින් මෙම ජාවාරම ඉබේම නතර වෙන බවත් ඔහු සඳහන් කර සිටියා.

ඒ සඳහා වැලිගම නගරයේ වැඩසටහන් ආරම්භ කර මාතර දිස්ත්‍රික්කය පුරාත් ඉන් අනතුරුව සමස්ත ලංකාවම මත් ද්‍රව්‍ය වලින් තොර කලාපයක් බවට පරිවර්තනය කිරීමට කටයුතු කළ යුතු බවත් ඔහු කියා සිටියා.

අනතුරුව පැමිණ සිටි සියලුම දෙනා එක්ව මත්ද්‍රව්‍ය වලින් තොර පුරවරයක් බිහි කිරීමේ ප්‍රතිඥාව ලබාදුන්නා.

තරංග ගුණරත්න

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here