Home Local බිරිඳ ගෙළවැළලාගෙන මියගියාට සැමියා පොලිස් අත්අඩංගුවට

බිරිඳ ගෙළවැළලාගෙන මියගියාට සැමියා පොලිස් අත්අඩංගුවට

453
0

එක්දරු මවක් ගෙළ වැළලාගෙන මියයාමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඇයගේ සැමියාව සැකපිට අත්අඩංගුවට ගෙන ඇති බව ආරච්චිකට්ටුව පොලීසිය පවසනවා.

මියගොස් ඇත්තේ හලාවත – විජයකටුපත පදිංචිව සිටි කේ.එස්.නදීරා පුෂ්පකුමාරි නම් 27 හැවිරිදි එක් දරු මවකි.

පොලීසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත්තේ මියගොස් ඇති කාන්තාවගේ සැමියා වන 26 හැවිරිදි අයෙකුවයි.

පසුගිය 21 වනදා මෙම කාන්තාව තමන්ගේ නිවසේදී ගෙළ වැලලාගෙන ඇති අතර ප්‍රදේශවාසීන් විසින් මේ බව ආරච්චිකට්ටුව පොලීසියට දැනුම් දී තිබෙනවා.

මියගිය කාන්තාවට ඇයගේ ස්වාමි පුරුෂයා විසින් නිරත්තර පහර දී හිරිහැර සිදුකරන බව විමර්ශණ වලදී හෙලිවී ඇති අතර
පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීම සදහා මළ සිරුර හලාවත මහා රෝහලට රැගෙන ආ විට මරණය සම්බන්ධයෙන් සැකයක් ඇති බව මියගොස් ඇති කාන්තාවගේ සහෝදරයෙකු විසින් පොලිස් හදිසි ඇමතුම් අංශයට දැනුම් දී තිබෙනවා.

23 වනදා පැවති පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණය වී ඇත්තේ කාන්තාව මිය ගොස් ඇත්තේ ගෙළ වැළලාගැනීම හේතුවෙන් බවයි.

නමුත් මියගොස් ඇති කාන්තාවගේ ශරීරයේ ස්ථාන කීපයක තැළුම් තුවාල ඇති බවද අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා නිකුත් කර ඇති වාර්තාවේ සදහන්.

එම වාර්තාව පදනම් කරගෙන මියගිය කාන්තාවගේ සැමියාව ආරච්චිකට්ටුව පොලීසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ආරච්චිකට්ටුව පොලීසියේ අපරාධ විමර්ශණ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක මායා රංජන් ඇතුළු නිලධාරීන් පිරිසක් වැඩිදුර විමර්ශණ කටයුතු කරගෙන යනු ලබනවා.

ජුඩ් සමන්ත

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here